මුදල් හා ජනමාධ්‍ය අමාතයාංශයේදී “ගම්පෙරළිය” - කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩ සටහන පිළිබඳ සාකච්ජා කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සියඵම දිස්ත්‍රික් ලේකම්වරුන් අතර රැස්වීමක් අද දින පැවැත්විය.


මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු මංගල සමරවීර මැතිතුමා එහි මුලසුන ගත් අතර ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේගුණවර්ධන, මුදල් රාජ්‍ය අමාත්‍ය ගරු ඉරාන් වික්‍රමරත්න, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න යන මැති ඇමතිවරුන් සමඟ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග සහ මහා භාණ්ඩාගාරයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද එම සාකච්ජාවට සහභාගි විය.
පහත සඳහන් කරුණු එහිදි සාකච්ජාවට භාජනය කරන ලදී.
ගම්පෙරළිය :
සංවර්ධන කටයුතු සඳහා වෙන් කල ව්‍යාපෘති වෙනුවෙන් අවශ්‍ය අරමුදල් ලබාදීම.
ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අදාල වන කරුණු.
අවශ්‍යතා ඇති නිවාස සඳහා විදුලිය ලබාදීම.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ප්‍රදේශය තුල සංවර්ධන කටයුතු ආරම්භ කිරීම.
ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම සඳහා දේශීය සම්පත් භාවිතා කිරීම.
ව්‍යාපෘති ඇස්තමේන්තු සහ කාර්මික නිලධාරීන් සම්බන්ධ ගැටඵ සාකච්ජා කිරීම.
ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා:
ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල නව ව්‍යවසායකයන් සඳහා වු ව්‍යාපාර ලියාපදිංචි කිරීම් පහසු කිරීම.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිවාස ණය යෝජනා ක්‍රමයේ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පහසු කිරීම.
ලංකා බැංකුව, මහජන බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සියඵම ප්‍රාදේශීය කළමනාකරුවන් රැස්වීම් සඳහා කැඳවීමට මෙන්ම ව්‍යාපාර සැලසුම් හා වෙනත් තාක්ෂණික තොරතුරු සකස් කිරීම පිණිස ණය මුදල් ඉල්ලුම් කිරීමට ප්‍රථම නව ව්‍යවසායකයින් පුහුණු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සාකච්ජා කිරීමටද දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලය ලබා දී ඇත.