‍"ගෝලීය වියවුල් හමුවේ දේශයේ සුරක්ෂාව" යන තේමාව යටතේ දෙදිනක් පුරා පවත්වනු ලබන "ආරක්ෂක සමුළුව - 2018"ඊයේ (30) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

එම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, පොලිස්පති පූජිත ජයසුන්දර සහ තානාපතිවරුන්, විදේශ මහකොමසාරිස්වරුන්, සාක් කලාපීය රාජ්‍යයන්හි යුධ හමුදා ප්‍රධානීන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක උපදේශකවරු සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය.