නේපාල – ශ‍්‍රී ලංකා වෙළෙඳ, සංචාරක සහ ආයෝජන සමුළුවක් ඊයේ(31) පස්වරුවේ කත්මණ්ඩු නුවරදී පැවැත්වුණු අතර එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක් විය.


නේපාලයේ උපාය මාර්ගික සමාජ පර්යේෂණ ආයතනය විසින් මෙම සමුළුව සංවිධානය කර තිබූ අතර, දෙරට අතර වෙළෙඳ, සංචාරක සහ ආයෝජන ක්ෂේත‍්‍රයන්හි සහයෝගිතාවය දෙරටටම වාසිසහගත අයුරින් තවදුරටත් ඉහළ නංවා ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනිණි.
රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සහ නේපාල රජය නියෝජනය කරමින් එරට අමාත්‍යවරු, විද්වතුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.
මේ අතර ජනාධිපතිතුමා නේපාලයේ උපාය මාර්ගික සමාජ පර්යේෂණ ආයතනයේ සභාපතිවරයා සමග ද කෙටි සාකච්ඡාවකට එක් විය.