ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයට සමගාමීව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ “තොරතුරු අයිතිය හා මාධ්‍යවේදීයාගේ කාර්ය භාරය” පිළිබද වැඩමුළුව 2018 සැප්තැම්බර් 17 වන දින නාරාහේන්පිට ජානකී හෝටලයේදී පැවැත්විණි.

මෙම වැඩමුළුවේදී මූලික දේශනය  මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජේ.එම්.තිලකා ජයසුන්දර මහත්මිය විසින් පවත්වන ලදී.

මෙම අවස්ථාවට තොරතුරු අයිතිවාසිකම් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ මහතා, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතා, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ නීතීඥ ජගත් ලියනආරච්චි මහතා, මාධ්‍ය පර්යේෂක හා විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන මහතා, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (මාධ්‍ය) කේ.පී.ජයන්ත මහතා    ඇතුළු සියළු මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදී මහත්ම මහත්මීන් සහභාගී විය.

Mrs.J.M Thilaka Jayasundara

first speach

Head table

crowed

{jathumbnail off}