සැප්තැම්බර් 28 දිනට යෙදෙන ජාත්‍යන්තර තොරතුරු අයිතිවාසිකම් දිනයට සමගාමීව ප්‍රකාශයට පත් කර ඇති තොරතුරු සතිය වෙනුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පුරවැසියන් දැනුවත් කිරීම සඳහා පැවති තොරතුරු දැනගැනීමේ ජංගම සේවය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ඊයේ දින (23) යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැත්විය.


මෙම උත්සව අවස්ථාවට සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්) ජේ. එම්. තිලකා ජයසුන්දර මහත්මිය, යාපනය දිස්ත්‍රික් දිසාපති එන්. වේදනායගම් මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතා, උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් එස්. මෝහානාධන් මහත්මිය, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (මාධ්‍ය) කේ.පී. ජයන්ත මහතා, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහකාර ලේකම් සුධර්මා කරුණාරත්න මහත්මිය , මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නීතීඥ යුරේකා වේලාරත්න මහත්මිය හා සම්පත් දායකයන් වශයෙන් ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ නීතීඥ ජගත් ලියනාරච්චි මැතිතුමා, ජනසන්නිවේදන උපදේශක නාලක ගුණවර්ධන මැතිතුමා, කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රදීප් වීරසිංහ මැතිතුමා සහ තොරතුරු අයිතිය පිළිබඳ ක්‍රියාකාරී නීතීඥ කේ. අයින්කරන් මැතිතුමා යන අය සහභාගී වූහ.

Mrs.Thilaka Jayasundara

DSC 4956

DSC 0000

DSC 4991

{jathumbnail off}