එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගි වන සියලු රාජ්ය නායකයන් වෙනුවෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මහතා විසින් පිරිනමන ලද විශේෂ රාතී්ර භෝජන සංග්රහය සැසිවාරයට සමගාමීව නිව්යොර්ක් පැලස්හි දී සංවිධානය කර තිබිණි.
එම රාතී්ර භෝජන සංග්රහය සඳහා ජනාධිපති ගරු මෛතී්රපාල සිරිසේන මැතිතුමාට ද විශේෂ ඇරයුම් ලැබුණු අතර එහි දී ඇමරිකා ජනාධිපතිවරයා සහ එම මැතිනිය විසින් ජනාධිපති මෛතී්රපාල සිරිසේන මැතිතුමා සහ එම මැතිනිය ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී.
අනතුරුව ජනාධිපතිවරු සිය ආර්යාවන් සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ