2018 ''තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය'' අද (28) කොළඹ, නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කතානායක කරූ ජයසූරිය මැතිතුමා සහභාගී විය.
මෙම අවස්ථාවට ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ගරු මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න , ගරු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) රමණි ගුණවර්ධන, අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම් ) තිලකා ජයසුන්දර, තොරතුරු කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන,ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ නීතීඥ ජගත් ලියනආරච්චි යන මහත්ම මහත්මීන්ද, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ද , රජයේ නිලධාරීන්, තොරතුරු නිලධාරින්,පාසල් සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේ ය.

මීට අමතරව සම්මන්ත්‍රණයේ විශේෂ සැසි වාරයන් සදහා , ඉන්දියානු සමාජ දේශපාලනික ක්‍රියාකාරිනියක වන ආචාර්ය අරුණා රෝයි , ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ සංඛිතා ගුණවර්ධන,අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (මෙහෙයුම්) ප්‍රසාද් වීරප්‍රිය,සන්නිවේදන උපදේශක නාලක ගුණවර්ධන යන මහත්ම මහත්මීන්ද සහභාගී විය.

IMG 0378

IMG 0444

IMG 0330

 

IMG 0275

 

IMG 0236{jathumbnail off}