තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කළ ''තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය'' අද (28) කොළඹ, නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.

එහිදී සැප්තැම්බර් 28 දිනට යෙදෙන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර දිනයට සමගාමීව පැවැත්වූ සමස්ත ලංකා පාසැල් රචනා සහ විවාද තරඟාවලිවල ජයග්‍රාහකයන් සඳහා කුසලාන සහ සහතිකපත් ප්‍රදානයද සිදු විය.

මෙහිදී සමස්ත ලංකා පාසැල් කනිෂ්ට රචනා තරඟයෙන් (සිංහල) ප්‍රථම ස්ථානය හලා/නාත්/ධම්මිස්සර ජාතික පාසලේ ජේ.එම්.මුධාරා නෙත්මි ජයසිංහ, දෙවන ස්ථානය ගා/සාරාලංකාර මහා විද්‍යාලයේ ජී.චනුති ඉහන්සා,තෙවන ස්ථානය කෑ/ගලි/ අම්පෙ ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ ආර්.පී.නෙත්මි ප්‍රබෝධා යන සිසුන්ද,
සමස්ත ලංකා පාසැල් කනිෂ්ට රචනා (දමිළ) තරඟයෙන් ප්‍රථම ස්ථානය Abishajiny Sivanathan Chemmalai maha Vidyalya, දෙවන ස්ථානය හලාවත නස්රියා මධ්‍ය මහා විද්‍යාලයේ
එම්.ආර් සහමත් ෆර්වින්,තෙවන ස්ථානය Aswinitha Thevaraja Valaichenai,Hindu College- Batticolo යන සිසු සිසුවියන් හිමි කර ගත් අතර සමස්ත ලංකා පාසැල් ජ්‍යෙෂ්ඨ රචනා තරඟයෙන් (සිංහල) ප්‍රථම ස්ථානය ර/කලවාන ගාමිණි මධ්‍ය මහා විද්‍යාලයේ කේ.ඒ.සඳනි මල්කාන්ති, දෙවන ස්ථානය මහ/මැදබැද්ද මහා විද්‍යාලයේ එල්.ජී.ආර්.ඒ. ජයවර්ධන,තෙවන ස්ථානය දඹදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ එස්.බී. ඉමාෂා ගිහානි සුබසිංහ යන සිසුන්ද,සමස්ත ලංකා පාසැල් ජ්‍යෙෂ්ඨ රචනා (දමිළ) තරඟයෙන් ප්‍රථම කෑගල්ල සහිරා විද්‍යාලයේ එම්.එම් අනීකා, දෙවන ස්ථානය වඩමාරච්චි හින්දු බාලිකා විදුහලයේ නිරෝජා කණ්ඩසාමි, තෙවන ස්ථානය ත්‍රීකුණාමලය මෙතෝදිස්ත බාලිකා විදුහලයේ Meri Elginiea Yuliyan යන සිසු සිසුවියන්ද ඔවුන්ට හිමි සම්මාන ගරු මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මැතිතුමා අතින් ලබා ගන්නා ලදී.
එමෙන්ම සමස්ත ලංකා පාසැල් විවාද තරඟයෙන්(සිංහල) ප්‍රථම ස්ථානය කොළඹ නාලන්දා විද්‍යාලයේ සිසුන්ද, දෙවන ස්ථානය කෑගල්ල ශාන්ත මේරි විද්‍යාලයේ සිසුන්ද , සමස්ත ලංකා පාසැල් විවාද තරඟයෙන්(දමිළ) ප්‍රථම ස්ථානය යාපනය හින්දු විද්‍යාලයේ සිසුන්ද, දෙවන ස්ථානය ගිරිඋල්ල,කැකුණගොල්ල ජාතික පාසැලේ සිසුවියන්ද හිමි කරගත් අතර හොඳම විවාදකයා (සිංහල) කෑගල්ල ශාන්ත මේරි විද්‍යාලයේ එම්.ඩබ්.ඒ.ආර්.මධුභාත් සහ හොඳම විවාදකයා (දමිළ) යාපනය හින්දු විද්‍යාලයේ ආර්.කිරුශාන්තන් යන ශිෂයයන් හිමිකරගන්නා ලදී.ඔවුන්ට හිමි සම්මාන ප්‍රදානය ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ ගරු කතානායක කරු ජයසූරිය මැතිතුමා අතින් සිදු විය.

IMG 0344

 

IMG 0346 

IMG 0348

IMG 0353

IMG 0357

IMG 0360

IMG 0365

IMG 0367

IMG 0372

Untitled

 

IMG 0407

IMG 0415

IMG 0421

IMG 0426

IMG 0430

{jathumbnail off}