සභාපතිතුමනි, උප සභාපතිතුමනි, ආසියා පැසිපික් ග්‍රාමීය හා කෘෂි ණය සංගමයේ සාමාජික ආයතන වල නියෝජිතයන් හා අනෙකුත් නියෝජිත මහත්වරුනි,ගෞරවනීය ආරාධිත අමුත්තනි, නෝනාවරුනි/මහත්වරුනි.
අද දින මෙම වැදගත් කලාපීය රැස්වීම ඇමතීමට මාහට ආරාධනා කිරීම ගැන මා පළමුකොටම ඔබ සැමට ස්තුති වන්ත වෙනවා.
ගෝලීය වශයෙන් ගත් කල සියඵ ව්‍යවසායන්ගේ වැදගත් අංශයක් වන්නේ සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නියෝජනය කිරීමයි. ශ්‍රී ලංකාව තුල පවතින සමාගම් වලින් බහුතරයක් සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ඛාණ්ඩයට අයත් වන අතර , එමෙන්ම රැකියා වලින් විශාල ප්‍රමාණයකට එයින් දායකත්වය ලබා දේ.
තිරසාර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා ප්‍රායෝගික මෙවලමක් ලෙස ලෝකයේ සෑම රටකටම ඔවුන්ගේ ආර්ථිකයක් තුල සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ වැදගත්කම හඳුනාගෙන ඇත.
කෙසේ වෙතත් ඔවුහු ව්‍යාපාර පිහිටුවීම හා ඒවා පවත්වාගෙන යෑමේදී අඛණ්ඩ දුෂ්කරතාවයන්ට මුහුණ දෙති. ඇත්ත වශයෙන්ම ලොව පුරා සිදු කරන ලද සමීක්ෂණ වලදී සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන එය කැපී පෙනෙන බාධයක් වන අතර, එමෙන්ම මෙය ශ්‍රී ලංකාවේ හා සෙසු අප කලාපයේ රට වලට කිසිදු ආකාරයෙන් වෙනස් නොවේ.
සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සම්බන්ධයෙන් ගත් කල ශ්‍රී ලංකා රජයේ අභිප්‍රාය වී ඇත්තේ සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය විධිමත් අංශයක් බවට ඒකාබද්ධ කිරීමත් සහ ඔවුන්ගේ වර්ධනයට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා දැඩි හා මෘදු යටිතල පහසුකම් වලින් සමන්විත සැලසුම් ක්‍රමයක් ස්ථාපනය කිරීම වේ.
වෙළඳ පොළ ප්‍රවේශය මෙන්ම ණය ගැනීමට ඇති ප්‍රවේශය වැඩි දියුණු කිරිම හා සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හා විශාල සමාගම් පිළිබඳ වන වටිනාකම් දාමයන්ගේ සංකලනය දිරි ගැන්වීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගනිමින් සිටිනු ලබයි.
මෙහි නිමාවත් සමඟ 2025 - දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ කොටසක් වශයෙන් සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ අංශයේ වැදගත්කම අප රජයෙන් හඳුනාගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ සුඵ හා මධ්‍ය පරිමාණ මුල්‍ය පරතරය අවම කිරීම සඳහා මෙම බාධාවන්ගෙන් යම් ප්‍රමාණයක් අවම කිරීමේ අරමුණින් එන්ට්‍රර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩ සටහන ආරම්භ කර ඇත.
මෙම වැඩ සටහන මගින් ඉලක්ක කර ගෙන ඇති සමහරක් ගැටඵ සඳහා පොළී ගෙවීමට සහනාධාර ලබාදීම මගින් වඩාත් දැරිය හැකි වෙළඳපල පොළී අනුපාතිකයන් ඔස්සේ පවත්නා සමපාර්ශවීය ගැටඵකාරී තත්වයන්ට යොමු වීමෙන් වැලකී සිටීමටද හැකියාව ලැබේ.
පොළී රහිත ණය ලබාදීමට ප්‍රවේශ වීම මගින් තරුණ උපාධිධාරීන්ට හට සමාගම් ආරම්භ කිරීමට හැකි වන අතර තරුණ රැකියා වියුක්තියෙන් යම් කොටසක් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඵලදායිතාව හා එම අංශයේ වටිනාකම් එකතු කිරීම, වැඩි දියුණු කිරීම සඳහා වන පරිශ්රමය වටිනාකම් දාමයේ විවිධ අවස්ථා වලදී කෘෂි අංශය සඳහා සහනදායී ණය යෝජනා ක්‍රම කීපයක්ද ලබා දී ඇත.
අනෙකුත් ඉලක්කගත ආයෝජනයන් වන්නේ ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩ සටහන ඔස්සේ තාක්ෂණය මගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඔවුන්ගේ කර්මාන්තයන්හි වඩාත් තරඟකාරී ලෙස හැසිරීමට ඉඩ හැරීමයි.
එහි අන්තර්ගතය සඳහා මේ වැඩ සටහනේදී ප්‍රමුඛත්වය ලැබෙන අතර, බොහෝ විට සමාජයේ ආවාසි සහගත කණ්ඩායම් මෙම වැඩ සටහනට අන්තර්ගත වේ. උදාහරණයක් ලෙස වරණීය පොළී අනුපාත ලබාදීම තුළින් විවිධාකාරී වු දක්ෂතා ඇති කාන්තාවන්ගේ ව්‍යවසායකත්වයන් ඉහළට ඔසවා තබයි.
මේ මගින් තවදුරටත් විශේෂිත වු දිරි දීමනා සපයනු ලබන අතර, ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩ සටහන මගින් යහපත් ව්‍යවසායකත්ව ක්‍රමවේදයක් තුළ පවතින ආයෝජනයන් ප්‍රවර්ධනය කරයි.
සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා අවශ්‍ය වන සුර්ය බල ශක්තිය පිණිස කරනු ලබන ආයෝජන සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සුර්ය බලය තිරසාර මුලාශ්‍රයක් ලෙස විශ්වසනීය ආකාරයෙන් යොදා ගනු ලබයි.
අසුභවාදී බාහිර බලපෑම් අවම කිරීමත් හා මාර්ග තදබදය ලිහිල් කිරීම පිණිස ප්‍රවාහන කටයුතු වෙනුවෙන් ආයෝජනය කරන්නන්ට සහනදායී ණය සපයනු ලබයි.
මේ දක්වා ආරම්භයේ සිටම 20,000 ආසන්න ප්‍රමාණයකට ණය ලබා දී ඇති අතර, ඒවා බැංකු වලට ලැබී ඇති බවත් මෙම සංඛ්‍යා ලේඛණ තවදුරටත් වර්ධනය කිරීමට රජය අපේක්ෂා කරන බැවින් මා ද සතුටට පත් වේ.
මෙම වැඩ සටහන මගින් හා ඒ ආශ්‍රිතව ඇති වන බහු බලපෑම් වලින් නව රැකියා දශ ලක්ෂයක් ආර්ථිකයට එක් කිරීමට රජය අපේක්ෂා කරයි.
රජයේ වැඩ සටහන් තුලින් මුල්‍ය අංශයේ ප්‍රවේශය හැකිතාක් දුරට ප්‍රවර්ධනය කරන අතර, මා විශ්වාස කරනවා වගකිව යුතු ලෙස ණය ලබා දීමේ ක්‍රමවේදයක් කෙරෙහි රජය මීට වඩා අවධානය යොමු කල යුතු බවයි.
ක්ෂුද්‍ර ණය ලබාදීම අයුතු ලෙස ප්‍රගුණ කිරීම නිසා විශේෂයෙන්ම රටේ සමහර ප්‍ර දේශ වල අර්බුදකාරී තත්වයක් උද්ගත වී ඇත. මෙය විසදීම සඳහා ශ්‍රී ලංකා රජය මගින් කාන්තාවන් 45,000 කට වැඩි ප්‍රමාණයකට ලබා දී ඇති ණය රුපියල් බිලියන 1.25 කට වඩා වැඩි ප්‍රමාණයක් ණය බොල් ණය ලෙස කපා හරින ලදී.
මෙවැනි වගකීම් විරහිත ණය ලබා දීමේ ක්‍රමවේද අනාගතයේ නැවත නැවත ඇති වීම වැලැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම අත්‍යාවශ්‍ය වේ.
මෙම තත්වය නිමා කිරීම පිණිස රජය ක්ෂුද්‍ර මුල්‍ය ණය අංශය සඳහා වන නව ක්‍රියා මාර්ග සකස් කරමින් සිටින අතර, ණය ගැණුම්කරුවන්ගේ අසාධාරණ හා අනවශ්‍ය ගාස්තු වලින් හා කර්මාන්තයේ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන අනෙකුත් අක්‍රමිකතා වලින් ආරක්ෂා කර ගැනීමට කර්මාන්ත ප්‍රමිති නියම කරනු ලබයි.
ආසියා පැසිපික් ග්‍රාමීය හා කෘෂි ණය සංගමයේ සාමාජික රට වල අත්දැකීම් තුලින් දැනුම හුවමාරු කර ගැනීමට මෙම සංසදය මගින් කදිම අවස්ථාවක් සපයනු ලබයි.
සංසදයෙන් ආවරණය වන කලාපීය සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා වන වර්තමාන තත්වය පිළිබඳව සෘජුවම අදාල වන බොහෝ ගැටඵ අතර ව්‍යවසායකත්ව කාර්යක්ෂමතාවය ඉහළ දැමීම සඳහා අන් අය අතරේ වටිනාකම් දාමයන්හි දියුණුවට සහයෝගය ලබාදීමද සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ කාර්ය භාරයක් වේ.
මෙම වසරේ ශ්‍රී ලංකාවේ මෙම සමුඵව පැවැත්වීමට කටයුතු සංවිධානය කිරීම ගැන ආසියා පැසිපික් ග්‍රාමීය හා කෘෂි ණය සංගමයට හා ලංකා බැංකුවට මා ස්තුති වන්ත වනවා. එමෙන්ම ආසියා පැසිපික් ග්‍රාමීය හා කෘෂි ණය සංගමයේ සියඵ වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වීමට සුභාසිංසනය කරන අතර වෙනත් රට වලින් පැමිණි නියෝජිතයින් හට මෙතෙක් මා හා සතුටින් රැඳී සිටීම ගැන මා ස්තුතිය පුද කර සිටිනවා.