සොබාදහමේ ආශිර්වාදයෙන් තොරව මිනිසාට ඉදිරි ගමනක් නොමැති බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (20)කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති ජනාධිපති පරිසර සම්මාන උලෙළ 2018 අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ තම ජීවිතයට ආදරය කරන සහ දරුවන්ගේ අනාගතය පිළිබඳ සිතන සෑම පුරවැසියෙකුම සොබාදහම සුරැකිය යුතු බවයි.
පරිසර සංරක්ෂණය සහ රටේ වන ඝනත්වය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් රජය ගෙන යන පුළුල් වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා තම ජීවිතයේ සෑම සුබ කටයුත්තකදී ම පැළයක් සිටුවිම පුරවැසියෙකු සමස්ත මානව වර්ගයාගේ පැවැත්ම උදෙසා ඉටුකරන සුවිශේෂී වගකීමක් සහ යුතුකමක් වනු ඇති බව ද සඳහන් කළේ ය.
පරිසර හිතකාමී පුරවැසියන් ජාතික මට්ටමින් අගයන ජනාධිපති පරිසර සම්මාන උළෙල පරිසර හිතකාමී කර්මාන්ත සහ සේවාවන් දිරි ගැන්වීමේ අරමුණින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීම යටතේ පරිසර අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබයි. “නීල හරිත යුගයක්” අනාගත ශ්‍රී ලංකාවේ බිහිකරලීම උදෙසා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය මඟින් කි‍්‍රයාත්මක කරනු ලබන “ශ්‍රී ලංකා නෙක්ස්ට්” වැඩසටහන යටතේ එය කි‍්‍රයාත්මක ය.
පාරිසරික ප්‍රදර්ශනය, දේශගුණික විපර්යාස පිළිබඳව මාධ්‍ය හමුව, පාසල් දරුවන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන්, සොබා චලන චිත්‍රපට උලෙළ, සාගර පරිසරය පිළිබඳ විශේෂඥ සංවාද, නීල හරිත ගම්මාන කතිකාව, දේශගුණික විපර්යාස පිළිබඳ ව්‍යාපාරික හමුව, කඩොලාන පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීමේ ප්‍රායෝගික වැඩසටහන, අන්තර්ජාතික ඛනිජ සම්මන්ත්‍රණයේ දෙවන අවස්ථාව, තිරසර නිෂ්පාදනය සහ පරිභෝජනය පිළිබඳ ජාතික කතිකාවත, වන පර්යේෂණ සම්මන්ත්රණ, දේශගුණික විපර්යාස පිළබඳ ගෝලීය තරුණ සංසදයේ හමුවීම්, සමුද්‍ර පරිසරය පිළිබඳ සිව්වන ජාතික විද්වත් සමුළුව, රාජ්‍ය ප්‍රජා සහයෝගිතා ජාතික රුක් රෝපණ වැඩසටහන ඇතුළු වැඩසටහන් රැසක් මෙවර ජනාධිපති පරිසර සම්මාන උලෙළට සමගාමීව කි‍්‍රයාත්මක කෙරෙයි.
පාරිසරික විෂය ක්ෂේත්රයට විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ආයතන, කර්මාන්ත හා සේවා, පාසල්, පුද්ගලයන්, සිවිල් සංවිධාන, ව්‍යාපාරිකයන්, මාධ්‍යවේදීන් ඇගැයීමට ලක් කරමින් සම්මාන පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
එමෙන්ම “ශ්‍රී ලංකා නෙක්ස්ට්” පාරිසරික ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එම ප්‍රදර්ශන කුටි නැරඹීමට ද එක් වූ අතර එම කාර්ය මණ්ඩල සමඟ සුහද කතා බහක නිරත විය.
“ජනාධිපති පරිසර සම්මාන 2018” සමරු කලාපය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, ගාමිණී ජයවික්‍රම පෙරේරා, දයා ගමගේ, රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම යන මහත්වරන් ද, පළාත් ආණ්ඩුකාරවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන් ද, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම යන මහත්වරුන් ඇතුළු නිලධාරින් මීට එක්ව සිටියහ.
ජනාධිපති පරිසර සම්මාන උලෙළේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව
(2018-10-19 වන දින BMICH හිදී)
2018 වර්ෂයේ පරිසර ජනාධිපති සම්මාන පිරිනැමීමේ උලෙළට ඔබ සමග එක්වීමට ලැබීම මා ඉතාමත් සතුටු වෙනවා. අද නීල හරිත යුගයක් පිළිබඳව කතා කරමින් අදත් හෙටත් දවස් දෙක වැඩසටහන තුළ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කරනු ලබන කාර්යයන් රාශියක් තිබෙනවා.
අද පරිසර සම්මාන උලෙළත් සමග පාරිසරික ප්‍රදර්ශනය, දේශගුණික විපර්යාසයන් පිළබඳව මාධ්‍ය හමුව, පාසල් දරුවන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන්, සොබා චලන සිතුවම් චිත්‍රපට උලෙළ, සාගර පරිසරය පිළිබඳ විශේෂඥ සංවාද, නීල හරිත ගම්මාන කථිකාව, දේශගුණික විපර්යාස පිළිබඳ ව්‍යාපාරික හමුව, කඩොලාන පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීමේ ප්‍රායෝගික වැඩසටහන්, අන්තර්ජාතික ඛනිජ සම්මන්ත්‍රණයේ දෙවන අවස්ථාව, තිරසර පරිභෝජනය සහ නිෂ්පාදනය පිළිබඳ ජාතික කතිකාවත, වන පර්යේෂණ සම්මන්ත්රණ, දේශගුණ විපර්යාස පිළිබඳ ගෝලීය තරුණ සංසඳයේ හමුවීම්, සමුද්‍ර පරිසරය පිළිබඳව සිව්වන ජාතික විද්වත් සමුළුව, රාජ්‍ය පෞද්ගලික ප්‍රජා සහයෝගිතා ජාතික රුක් රෝපණ වැඩසටහන ඇතුළු වැඩසටහන් රාශියක් අද මේ වැඩසටහන සමග ක්‍රියාත්මක වෙනවා.
මේ වනවිට ඔබ අප පමණක් නෙවෙයි ලෝකයේ සෑම රාජ්‍ය නායකයින්, විද්වතුන් පාසල් දරුවන්ගේ සිට සෑම පුරවැසියෙක්ම මුළු මහත් ලෝක ප්‍රජාව අතර වැඩිපුර සාකච්ඡාවට සංවාදයට ලක්වන විෂයක් ලෙස පරිසරය පත්වී තිබෙනවා. ඊට හේතුව ඔබ අප කවුරුත් දන්නා පරිදි පරිසරය සංරක්ෂණය කිරීමේ ඇති වැදගත්කම ගැන. මිනිසාට ජීවත්වීම සඳහා පිරිසිදු වාතය අවශ්‍ය වී තිබෙනවා. පිරිසිදු ජලය අවශ්‍ය වෙනවා. ඒ සියල්ල සමග ආහාර ප්රමුඛව අනෙකුත් සියලු අවශ්‍යතා සම්පූර්ණ කර ගන්න ස්වාභාව ධර්මයාගේ ආශිර්වාද සමග ඒ සම්පත් සියල්ල අවශ්‍ය වෙනවා.
ඒ නිසා අද පරිසර සංරක්ෂණයේ වැදගත්කමත් ඊට අදාළ වූ කරුණුත් පිළිබඳව ඔබ සෑම කෙනෙක්ම දැනුවත් වෙලා සිටින්නේ. වනරෝපා ජාතික වැඩසටහන තුළ අප ලක්ෂ 100 කට වැඩිය පැළ සිටුවීමේ වැඩසටහන මේ වනවිට ක්‍රියාත්මක කර තිබෙනවා. අපි මේ රටේ සියලු දෙනාගෙන් අද ඉල්ලීම් කරන්නේ ඔබේ ජීවිතයට ආදරයක් තිබේ නම් හෙට උපදින දරුවන්ගේ අනාගතය පිළිබඳව ඔබ කල්පනා කරනවා නම් සෑම කෙනෙක්ම ස්වාභාවික සම්පත් රකින්න ඕනෑ. පැළයක් සිටුවන්න ඕනෑ. සියලු සුබ කටයුතුවලදී පැළයක් සිටුවීම මානව වර්ගයාගේ පැවැත්ම සඳහා අප විසින් කළ යුතු සුවිශේෂී වගකීමක් සහ යුතුකමක් ලෙස සලකන්න.
ඒ නිසා ඔබ අප සෑම කෙනෙක්ම ඒ වගකීම් සහ යුතුකම් ඉටුකරයි කියා මා විශ්වාස කරනවා. අද දවසේ මේ වනවිට මේ පිළිබඳව මුළු රටම දැනුවත් වී තිබෙනවා. මුළු ලෝකයටම දැනුවත් වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්රමුඛව ජාත්‍යන්තර සංවිධානත්, විද්වතුන් බහුශ්‍රැතයන් සියල්ල මේ සඳහා කැපවී සිටිනවා. මේ උතුම් කාර්යයට සියලු දෙනාට ආරාධනා කරමින් මේ පරිසර සම්මාන ලැබූ සියලු දෙනාට මගේ ගෞරවය සහ ස්තූතිය පිරිනමමින්, මේ රටේ කර්මාන්ත ක්ෂේත්රය ව්‍යාපාරික ක්ෂේත්රයේ සියලු දෙනා පරිසර සංරක්ෂණ ව්‍යාපෘති සඳහා තව තවත් යොමු කරමින් අපේ වගකීම් සහ යුතුකම් ඉටුකිරීමට කටයුතු කරමු යැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
ස්තූතියි!