නව අගමැති ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා නිල වශයෙන් රාජකාරි ආරම්භ කරයි.
අග්රාමාත්ය කාර්යාලයේ දි අග්රාමාත්ය ලේකම් එස්.අමරසේකර මහතා ඉදිරියේ දි නිල වශයෙන් වැඩ බාර ගත් නව අගමැතිවරයා එහි දි ආගමික කටයුතු වලට ද සහභාගි විය.මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රිවරුන් වන ගාමිණි ලොකුගේ,දිනේෂ් ගුණවර්ධන,ඩග්ලස් දේවානන්ද,නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිසක් සහභාගි වුහ.