කොවිඩ් 19 රෝගීන් සඳහා මීට පෙර එක් වාට්ටුවක් වෙන් කර තිබුණ ද ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීමත් සමගම ළමුන් රෝගිවීමේ ප්‍රවණතාව ඉහළයාම නිසා මේ වනවිට කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ වාට්ටු 04ක් කොවිඩ් ආසාදිත ළමුන් සඳහා වෙන්කර ඇත.
රෝහල් කාර්යමණ්ඩලය එහිදි පෙන්වා දුන් පරිදි දරුවන් හදිසි අනතුරුවලට ලක්වීම අඩුකරගත හැකිනම් ඒ සඳහා වැය කරන කාලය කොවිඩ් 19 ආසාධිත දරුවන් වෙනුවෙන් යෙදවිය හැකි බව ප්‍රකාශ විය.
මෙවන් අසීරු තත්ත්වයකට රට පත්ව සිටින මොහොතක සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රෝගී ජනතාව දෙස සුබවාදි ලෙස බලමින් තම සේවය ලබා දීමට කැපවීම ගැන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා තම ප්‍රශංසාව පිරිනමන ලදී.