පුරවරුණ පුවත්පත කුලියාපිටිය නගර සභාවේ නිල පුවත්පත හා අන්තර්ජාල E- පුවත්පත එළිදැක්වීමේ උත්සවය අද (11 )කුලියාපිටිය නගර සභා ශ්‍රවණාගාරය දී පැවැත්විණි.
ලේක්හවුස් සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ ජනාධිපති නීතිඥ ඩබ්. දයාරත්න , කුලියාපිටිය නගර සභාවේ නගරාධිපති ඒ. එම්. ලක්ෂ්මන් අධිකාරි , ලේක්හවුස් ආයතනය කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම්,ලේක්හවුස් ආයතනයේ නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ රඛිත අබේගුණවර්ධන , වයඹ පළාත් පාලන කොමසාරිස් අයි. එම්. අයි. ඉලංගකෝන් සහ කුලියාපිටිය නගර සභාවේ කාර්ය මණ්ඩල නිලධාරීන් මහත්ම මහත්මින් මෙම අවස්ථාවට සහභාගිවීය