දිවයිනේ සියලු පාසල්වල අ පො ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියා සිටී. ඊට සමගාමීව එම දරුවන් එන්නත් කිරීමේ කටයුතු ද කඩිනම් කර තිබෙ.

කොවිඩ් වසංගතයත් සමග වසා දැමුනු පාසල් ක්‍රමානුකුලව විවෘත කිරීමට රජය පසුගියදා තීරණය කළේය. එහි පළමු පියවර ලෙස සිසුන් 200 ට අඩු පාසල් ඉකුත් 21 වැනිදා විවෘත කෙරිණි. සියලු පාසල්වල කණිෂ්ඨ අංශය අද ආරම්භ කෙරුනේ එම වැඩපිළිවෙලේ දෙවන පියවර ලෙසයි. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වෙමින් දෙමව්පියන් ද තම වගකීම් ඉටු කරන්නේ නම් පාසල් ආරම්භ කිරීමේ ක්‍රියාවලිය වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂ්ම ක්‍රියාත්මක කළ හැක බව අධ්‍යාපන ලේකම්වරයා කීවේය.

කොවිඩ් වසංගතයෙන් අඩාල වු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට රජය පියවර ගැනිීම අගය කළ යුතු බවද මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මිය පවසයි. එහිදී ගුරුවරුන්, දෙමව්පියන් මෙන්ම රජය ද වගකිමෙන් කටයුතු කළ යුතුය.

පුජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමින් කියා සිටියේ ප්‍රාථමික පාසල් ද ආරම්භ කරමින් දරුවන්ගේ අධ්‍යාපනය යථා තත්ත්වයට පත් කිරීම අගය කළ යුතු කරුණක් බවයි. රජයේ විසඳුම් පිළිගනිමින් දරුවන් සමග සුහදව ඔවුන්ගේ අධ්‍යාපනය නගාසිටුවීම සඳහා ගුරුවරුන් ක්‍රියා කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද උන්වහන්සේ සඳහන් කළහ