සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 02ක් සවිබල ගැන්වීමේ දීප ව්‍යාප්ත වැඩසටහන යටතේ තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධිලාභී පවුල් වෙත ප්රතිලාභ ප්රදානය ඊයේ (14) ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණ.
“එක් ගමකට එක් ව්‍යවසායකයෙක්” තේමාව යටතේ ප්‍රතිලාභීන් 32ක් වෙත උපකරණ ප්රදානය ,රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන්ට පත්වීම් ප්රදානය සහ සංචාරක කර්මාන්තය කේන්ද්‍රකර ගත් NVQ පාඨමාලාව හැදෑරූ සිසුන්ට සහතික පත් ප්රදානය ද අමාත්‍යවරයා අතින් එහිදී සිදු කෙරිණ.
වෙළෙඳ පොල ජය ගැනීමේ ඉලක්කය කරා ගමන් කිරීමේ අරමුණින් සමෘද්ධීලාභී පවුල් බල ගැන්වීම රජයේ අරමුණක් බව පැමිණි සිටි පිරිස අමතමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
"මේ කාල වකවානුවේ අපේ රටේ විශාල ආර්ථික පීඩනයක් තිබෙන බව අපි සියලු දෙනාම අමතක නොකළ යුතු කාරණාවක් , ලෝකය ගැන කතා කළොත් පළවෙනි ලෝක යුද්ධයත් දෙවැනි ලෝක යුද්ධයත් තමයි 20වෙනි ශතවර්ෂයේ ආරම්භයේ ඉඳල 21වෙනි ශතවර්ෂයේ අද දක්වා මේ අවුරුදු 120ක සීමාව ඇතුලෙ අමාරුම කාල විදිහට සලකන්නේ . මේ කාලේදී මුළු ලෝකෙම සාගතවලට , රෝ බියට ,මරණ බියට ,අසමගියට වගේ විවිධ දුෂ්කරතාවන්ට පත්වුණා.. අද මේ කොවිඩ් වසංගත
නිසා පළවෙනි දෙවෙනි ලෝක යුද්ධවලටත් වඩා බරපතල ආර්ථික අර්බුදයකට මුළු ලෝකෙම පත්වෙලාතියෙනවා .. අපේ රටෙත් ඒ තත්වය හෙමයි...එන්නත්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වෙන නිසා අපි නිරෝගිව ඉන්නවා ....
ඔබ විශ්වාස කරල ඔබට ලබා දෙන මේ ප්‍රතිලාභය ඔබේ ජීවිතය විතරක් නෙමෙයි ඔබේ ප්‍රදේශයේ ජීවත්වන ජීවිත කිහිපයකට ආලෝකයක් වෙන විදිහට පරිහරණය කරාවි කියල අපි විශ්වාස කරනවා... ඒ වගේම අපි ඉලක්කයක් තියා ගමු මේ සංඛ්‍යාව අවම කර ගන්න ...." යනුවෙන් අමාත්‍යවරයා අදහස් දැක්වීය .