රාජ්ය මාධ්ය ආයතන සදහා නව සභාපතිවරුන් පුමුඛ අධ්යක්ෂ මණ්ඩල සමාජිකයන් පත්කර තිබේ .
ප්රවාහන මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අද (13) ජනමාධ්ය අමාත්යාංශයේ එම පත්වීම් ප්රදානය කරනු ලැබීය .
රූපවාහීනි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස අසංක ප්රියනාත් ජයසූරිය ද. එහි අධ්යක්ෂ මණ්ඩල සමාජිකයන් ලෙස
* මහාචාර්ය චමින්ද රත්නායක
* මහාචාර්ය ඩී. එම්.අජිත් දිසානායක
* නීතිඥ රඛිත අබේගුණවර්ධන
ස්වාධීන රූපවාහිනී ආයතනයේ
සභාපතිවරයා ලෙස වරලත් ගණකාධිකාරි ගණක අමරසිංහ මහතාද
අධ්යක්ෂක මණ්ඩල සමාජිකයන් ලෙස
* නීතිඥ ලලිත් පියුම් පෙරේරා
* කතිකාචාර්ය මහේෂ්වරී මහිමදාස් මහත්මිය
* රවීන්ද්ර ගුරුගේ
* ඉන්දික ලියනහේවගේ
* හසන්ත හෙට්ටිආරච්චි
ගුවන් විදුලි සංස්ථාව සභාපතිවරයා ලෙස හඩ්සන් සමරසිංහ මහතා පත්කර තිබේ.
* මහාචාර්ය පුජ්ය මාගම්මන පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ
* ප්රියන්ත කේ රත්නායක
* ජේ. යෝගරාජ්
* එම්.සිසිර කුමාර.
අධ්යක්ෂක මණ්ඩල සමාජිකයන් ලෙස පත්කර තිබේ.
 
මාධ්ය ඒකකය
ප්රවාහන මහාමාර්ග හා ජනමාධ්ය අමාත්යාංශය