අන්තර්ජාතික වශයෙන් රටේ ප්‍රතිරූපයට විශාල හානියක් පසුගිය සමයේ සිදු වූ බවත් එය නිවැරදි කිරීම වෙනුවෙන් මාධ්‍යයට විශාල වගකීමක් ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරයි. 
 
කිසිදු මාධ්‍යයක් මර්ධනය කිරීමට රජය සූදානම් නැතැයි ද 2023 අයවැය කාරකසභා අවස්ථාවේ පස්වන දිනය වන අද(28) ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව විවාදයට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසීය.
 
උසස් මාධ්‍ය සංස්කාතියක් ඇති කිරීමේ වැඩපිළිවෙළ තවත් පුළුල් ලෙස සංවාදයට ලක් කර ස්වයං පාලනයක් සහ මාධ්‍යවේදින්ගේ වෘත්තීමය තත්වය ඉහළට ගෙන ඒම සඳහා ද රජය කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.
 
රට වැටී තිබෙන තත්වයට අනුව රටේ කීර්තිනාමයට විශාල හානියක් විදේශිකයින් තුළ තිබෙනවා.මාර්ග අවහිර වීම, පාර්ලිමේන්තුව රැස් වීමට නොහැකි වීම , මෙරටට සංචාරය සඳහා පැමිණි විදේශිකයින්ගෙන් පවා හැඳුනුම්පත් ඉල්ලීම වැනි පසුගිය අරගල සමයේ සිදු වූ ක්‍රියාකාරකම් පිළිබ ඳ සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ විදෙස් මාධ්‍යයන්හි මුල් පිටුවල ප්‍රචාරය වී තිබෙනවා.මේ හේතුව නිසා රටේ ප්‍රතිරූපය විශාල වශයෙන් කඩා වැටී තිබෙනවා.මෙම රට ම්ලේඡ මිනිසුන් සිටින රටක් වශයෙන් නැවත නැවතත් ලෝකයේ ප්‍රචාරය වීම සුදුසු නැහැ.ඒ අනුව රටේ ප්‍රතිරූපයට හානි නොවන ලෙස සමාජ මාධ්‍ය හෝ ඕනෑම මාධ්‍යයක් හැසිරිය යුතුයි යැයි ද අමාත්‍යවරයා පැවසීය.
 
හොරකම දූෂණය සහ වංචාවෙන් තොරව තම අමාත්‍යංශය මෙහෙය වීමට කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.