75 වන නිදහස් දිනයට සමගාමීව පැවැත්වෙන මුද්දර දැක්ම කොළඹ තැපැල් මූලස්ථාන පරිශ්‍රයේ දී අද ආරම්භ වුණා. ඒ ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ අමාත්යංශ ලේකම් අනූෂ පැල්පිට මහතාගේ සහභාගීත්වයෙන්.
මෙම ප්රදර්ශනය ‘නිදහස් මුද්දර දැක්ම සහ කෞතුකාගාර ප්රදර්ශනය‘ ලෙස නම් කර තිබෙනවා. මුද්දර කාර්යංශය, තැපැල් දෙපාර්තමේන්තුව, ජනමාධ්ය අමාත්යංශය සංවිධාන කරන ප්රදර්ශනය නොමිලේ නැරඹීමට හැකියි.
පෙබරවාරි 12 වැනිදා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා කොළඹ 10 ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථාන පරිශ්රයේ දී මෙම මුද්දර දැක්ම පැවැත්වෙයි.