ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය අපවෙත මේ අවස්ථාවේ ලැබීම ලොකු සහනයක් වන අතර එම ණය යළි ගෙවිය යුතුයි කියන අදහස සෑම පුරවැසියකුම නිරන්තරයෙන් සිහියේ තබාගෙන කටයුතු කළ යුතු බව ව්‍යපාරිකයෝ පෙන්වා දෙති.

එම ව්‍යවාරිකයන් මේ බව සඳහන් කළේ ඊයේ(22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ප්‍රතිපාදන ලැබෙද්දී මෙතැනින් එහාට රට ගොඩඟන්නේ කෙසේද, අපේ රට සංවර්ධිත රාජ්‍යක් කරාගෙන යෑමේදී විශේෂයෙන් ව්‍යවසායකයන්, කර්මාන්තකරුවන් හා අපනයනකරුවන් ඇතුළුව සමස්ත ශ්‍රී ලාංකිකයන්ට වගකීමක් තිබෙන එයින් ඒ සියලු දෙනා එක්වී රට ගොඩනැඟීම සඳහා ව්‍යවසායකයන් දිරිගන්වමින් ආර්ථිකය ගොඩගන්නේ කෙසේද ආර්ථික වර්ධනයට ප්‍රවේශයක් ගන්නේ කෙසේද යන්න පිළිබඳ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්ය.

මෙහිදී අදහස් දැක්වූ එම සමූහ ව්‍යාපාර ජාලයේ සභාපති ධම්මික සමරවික්‍රම මහතා...

අර්බුදයක් අවස්ථාවේදී අයි.එම්.එෆ්. ණය මුදල ලැබීම ගැන අපි සතුටු වෙනවා. වගේම එම ආයතනයට ස්තූතිවන්ත විය යුතුයි. රජයක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තනියම මේ වැඩේ කරගන්න අමාරුයි. සියලු දෙනා සම්බන්ධවෙලා කටයුතු කළොත් සහනයක් ලබාගන්න හැකියාව තිබෙනවා. අනෙක් පැත්ත තමයි ණය ගන්නේ නැතිව කටයුතු කරගත හැකි ක්‍රමවේදයක් අපිට තිබෙන්න අවශ්‍යයි. එහිදී අපි දකිනවා ඉදිරියටත් අපි ණය ගැනීමට පෙළඹෙනවිට ඊළඟ පරම්පරාවට වෙන්නේ මේ ණයත් සමඟ තමයි දිගටම යන්න වෙන්නේ. මේ ක්‍රමවේදය වෙනස් වෙන්න ඕනේ. එය වෙනස් වෙන්න අවශ්‍යවන්නේ පාසලෙන්. එහිදී නවවෙනි ශ්‍රේණියටවත් ව්‍යවසායකත්ව විෂය ඇතුළු කළ යුතුයි. සෑම ළමයකුටම උපන් හැකියාවක් තිබෙනවා. ඒ සඳහා උපදේශකවරයෙක් පත් කොට ඒ දරුවන්ගේ හැකියාවන් පිරික්සන්න අවශ්‍යයි. එසේ කොට කුසලතා ඇති දරුවන් ව්‍යවසායකත්ව පැත්තට යොමු කළ යුතුයි.

ව්‍යවසායකයන් 10%ක් පමණ කර ගත්තොත් අපිට කොහොමවත් ණයට කන්න වෙන්නේ නැහැ. එහිදී ස්වයංපෝෂිත රටක් බවට පත්වෙනවා මේ රට. ව්‍යවසායකයෝ බිහි කරන්න බිහිකරන්න ඒ අය දළදේශීය නිෂ්පාදනයට සහයෝගයක් ලබාදෙනවා. සුළු, මධ්‍යම කර්මාන්තකරුවන් ගත්තාම 70%ක් දළ දේශීය නිෂ්පාදනයට සහයෝගය දෙනවා මේ අවස්ථාවේදී. 70%ක් ක්ෂුද්‍ර මූල්‍යට සහයෝගය දක්වනවිට ඒ අයගේත් අපි දකිනවා ඒ අයගේ අඩුපාඩු මූල්‍ය විනය නැතිකම, සමහර පාරිපාලනය කරන්නේ නැහැ. 

ඇත්තටම බුත්තල යපස් ඇතුළු ඛනිජ සම්පත් අපේ රටේ තිබෙනවා මේවට වැඩි අගයක් එකතු කරන්න ව්‍යවසායකයන් පොළඹවන්න කටයුතු කළ යුතුයි. එසේ වැඩි ඩොලර් ප්‍රමාණයක් අපේ රටට ඇතුළට ගෙන්වා ගන්න පුළුවන්.

අපි මෙම ව්‍යාපාරය 1995දීයි. එම ආයතනය ශාඛා කිහිපයක් ආරම්භ කොට මේවනවිට ව්‍යාපාර ජාලයක් ලෙස පවත්වාගෙන යනවා. අපි විදුලි උපාංඟ නිෂ්පාදනය කොට බෙදාහරින හා අපනයනය කරන ආයතනයක්. මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනය හරහා. අපි කුඩාවට ආරම්භ කළ ආයතනය දැන් දැවැන්ත රුක්සයක් වෙලා තිබෙනවා. ව්‍යවසායකයෙක් හැටියට ධෛර්ය හා උත්සහය තිබෙන්න ඕනේ.

තන්ත්‍රී ටේලර්ස් පුද්ගලික සමාගමේ සභාපති අතුල හපුතන්ත්‍රී මහතා... අපි රටට ආදරය කරන පුද්ගලයන් වැරැදි තොරතුරු කතා කිරීමෙන් සමජගත කිරීමෙන් වළකින්න ඕනේ. අපි සංචාරකයෝ හා ආයෝජකයෝ ගෙන්වාගන්න කතා කරනවා. මෙවැනි බිල්ලෝ මවනවිට ඒ අය බය වෙනවා. ඇතැම් රටවල් සමාජ ලෙස ඇතුළාන්තය බලන විට අපිට වඩා බොහෝම පහලින් සිටින්නේ. ආර්ථික පැත්ත නොවේ මම කියන්නේ සමාජමය තත්ත්වයයි. රාත්‍රියේ හතෙන් අටෙන් පස්සේ පාරේ බැහැලා යන්න නොහැකි රටවල් බොහෝමයක් තිබෙනවා. ඒ රටවල් කවදාවත් මේවා ප්‍රචාරය කරන්නේ නැහැ. ඉන්දියානු ජතිකයෙක් බැලුවාම කවම දාවත් ඒ අයගේ රටේ තිබෙන අපහසුකම්, වැරදි ගැන කියන්න යන්නේම නැහැ. ඒ අනුව අපිත් අපේ රට ගැන හොඳ තත්ත්වයක් පිටරටට පෙන්වන්න අවධානය යොමු කළ යුතුයි. අපේ රට ඇතුළේ වුණත් තහවුරු කරන්න නොහැකි වැරැදි තොරතුරු කතා කරන්න හොඳ නැහැ. ජාත්‍යාන්තර මුලය අරමුදලින් ලබාදෙන්නේ ණයක්. රට රෝගියකු ලෙස බැලුවොත් ලෙඩා සිටියේ දැඩිසත්කාරක ඒකකයේ. දැන් අපිට එයින් එළියට එන්න අවස්ථාව උදාවුණා. මේක විශාල ජයග්‍රහණයක් ලෙසත් හිතා ගන්න පුළුවන්. ඒ අනුව අපි දැනගන්න ඕනේ අපිට ඉදිරියේදී දැඩිසත්කාරක ඒකකයේ බිල ගෙවන්න ඕනේ කියලා. ඒ නිසා ඉස්සර සිටියා වගේ නැතිව කාර්යක්ෂමව , විනයක් ඇතිව සෑම පුරවැසියාම කර්මාන්ත කරුවන්ට, රජයට විතරක් තනියම කරන්න බැහැ අපි සියලු දෙනාම රට තිබෙන තත්ත්වය ගැන කල්පනා කොට විශාල විනයක් ඇතිව වැඩ කළ යුතුයි.

තායි සුමේධා හඳුන්කූරු නිෂ්පාදන සමාගමේ සභාපති හා සමස්ත ලංකා හඳුන්කූරු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සූමේධ ඇල්පිටිය මහතා...

ළඟදීම වෙළෙඳගිවිසුම් තුනක් අත්සන් කරන්න යන බව ආරංචියි. එවැනි ගිවිසුම් ඇතිකරගෙන ජාත්‍යන්තර සම්බන්ධකම් ඇති කරගන්න එක බොහෝම හොඳයි. ඒ රටවල දැනුමත් අනෙකුත් දේවල් දැනගන්න ලැබෙනවා. නමුත් ඒ එක්කම අපි නිතරම කල්පනා කරන්න ඕනේ අපේ රටේ නිෂ්පාදනවලට ව්‍යවසායකයන්ට බාධාවක් නොවන ලෙස ආනයනයන් සිදුකරන්න.