රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 04-05 දෙදින තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රි රතනශිලි පිරිවෙන් විහාරයේ ස්ථායේ දි පැවැත්විමට කටයුතු යොදා තිබේ.

මිට සමගාමිව අද සිට මැයි මස 08 වන දින දක්වා වෙසක් සතියක් ක්‍රියාත්මක බවත්,ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක බව බෞද්ධ කටයුතු ,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

මෙවර වෙසක් උත්සවය සුපුරුදු වෙසක් උත්සවයට වඩා තරමක් වෙනස් බවත්,  ආර්ථික වශයෙන් විවිධ පසුබැම්වලට පත් වෙමින් පවතින අවස්ථාවක පවත්වන බවද හෙතෙම සඳහන් කළේය. එසේ වුවද මෙය වෙස්වළාගත් ආශිර්වාදයක් කරගෙන අර්ථවත් ලෙසින් සැමරිය යුතු බව අමාත්‍යවරයා කීය. එසේම දන්සල් පැවැත්විම, සැරසිලි කිරිම,බුදු රුව හා බුදු රුව යොදා ගන්නා ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ මේ වන විටත් ලබා දි ඇතැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියපෙරුම මහතා පවයසි. එසේම කිසිදු විටක බෞද්ධ කොඩිය සැරසිල්ලක් ලෙස යොදා නොගන්නා ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටියි. එලෙස සැරසිලි කිරිමට අවශ්‍ය නම්,කහ පැහැති කොඩියක් භාවිත කරන ලෙස ද පැවසිය