ලෝක නිදහස් මාධ්ය දිනය අදට (03) යෙදී තිබේ.
1991 වර්ෂයේ දී යුනෙස්කෝ සංවිධානය මුල්වරට ලෝක නිදහස් ජනමාධ්ය දිනය පිළිබඳ යෝජනා ඉදිරිපත් කර තිබිණි.
එයින් අනතුරුව 1993 වසරේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ලෝක ජනමාධ්ය නිදහස් දිනය ලෙස මැයි මස 03 වැනි දින නිල වශයෙන් ප්රකාශයට පත්කළ අතර එතැන් සිට ලෝකයේ එක් එක් රටවල් මෙම දිනය සැමරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධාන කරයි.
විශ්ව මානව හිමිකම් ප්රකාශනයේ 19 වැනි වගන්තියට අනුව මිනිසාට තොරතුරු ලබාගැනීමට, තොරතුරු ප්රකාශ කිරීමට ඇති මානව හිමිකම යන අදහස ව්යාප්ත කිරීමේ අරමුණ ඇතිව මෙම දිනය ප්රකාශයට පත්කර තිබේ.
ලෝක නිදහස් මාධ්ය දිනය වෙනුවෙන් ප්රකාශයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරෙස් මහතා පෙන්වා දෙන්නේ මාධ්ය නිදහස නොමැති ප්රජාතන්ත්රවාදයක් සහ නිදහසක් නොමැති බවයි.