පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති ප්රවාහන හා මහා මාර්ග අමාත්යාංශයේ උපදේශක කාරක සභා රැස්වීම අමතමින් අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා මෙම කරුණු හෙළි කළේය.

එහිදී පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලුම පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ඉල්ලීම වූයේ දිවයිනේ සෑම ප්රදේශයකම මේ වන විට නැවතී ඇති මාර්ග සංවර්ධන ව්යාපෘති වල ඉදිකිරීම් කඩිනමින් නැවත අරඹන ලෙසයි. මේ වන විටත් ඉතාමත් අබලන් තත්වයේ පවතින බොහෝ මාර්ග අලුත්වැඩියාවන් සිදු නොවුවහොත් ඉදිරියේදී මහජනතාවට යෑමට ඒමට පවා නොහැකි වන තත්ත්වයටම පත්වනු ඇති බව මන්ත්රීවරුන්ගේ අදහස විය.
එහිදී අදහස් දැක්වූ අමාත්යවරයා,
අන්තර්ජාතික මූල්ය අරමුදල සමග ඇතිකරගෙන ඇති ගිවිසුම් ප්රකාරව ශ්රී ලංකාවේ ණය ප්රතිව්යුහගත කිරීමක් සිදු කරන තුරු මෙරටට ලබාදෙන ණය ආධාර නවතා තිබෙනවා. ඉතිහාසයේ පටන්ම රට තුළ සිදුකරන ලද මාර්ග සංවර්ධන ව්යාපෘති බහුතරයක් ක්රියාත්මක වී ඇත්තේ විවිධ විදේශ සංවිධාන සහ රටවලින් ලබා ගත් ණය ආධාර මුදල යටතේ යටතේයි.
කෙසේ නමුත් රට තුළ මාර්ග පද්ධතියේ පවතින දැඩි අබලන් ස්වභාවය පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින්, අවම වශයෙන් i Road (ඒකාබද්ධ ග්රාමීය මාර්ග ආයෝජන) ව්යාපෘතිය යටතේ ආරම්භ කරන ලද අත්යවශ්යම මාර්ග ව්යාපෘති සඳහා හෝ, ඒවා කඩිනමින් අවසන් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 53ක ණය මුදලක් ලබා ගැනීම සඳහා ප්රවාහන හා මහාමාර්ග අමාත්යාංශය විසින් ආසියානු සංවර්ධන බැංකුවෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා සාර්ථක මට්ටමින් සිදු කෙරෙමින් මේ වන විට අවසන් අදියරේ පවතිනවා.ඒ අනුව විශේෂ ප්රමුඛතාවයක් ලබා දෙමින් සංවර්ධනය කළ යුතු අත්යවශ්යම මාර්ග හඳුනාගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් විසින් අදාල මාර්ග නිරික්ෂණය කිරීමට නියමිතයි.
මෙහිදී දිවයින පුරා ක්රියාත්මක කෙරෙන ප්රාදේශීය සංවර්ධන කමිටු හරහා මේ වන විට ගමනාගමනයට ඉතාමත් අපහසු තත්ත්වයේ පවතින මාර්ග හඳුනා ගැනීමට සහාය ලබාදෙමින් ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ ඉල්ලීම් කර ඇති මෙම ඩොලර් මිලියන 53 ක ණය මුදල ලැබුණු වහාම ආරම්භ කිරීම සඳහා අමාත්යංශ නිලධාරීන් වෙත අමාත්යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදි.
නියෝජ්ය කතානායක අජිත් රාජපක්ෂ මැතිතුමා, ප්රවාහන,මහමාර්ග අමාත්යංශ භාර රාජ්ය අමාත්යවරුන් වන ලසන්ත අලගියවන්න,සිරිපාල ගම්ලත්, සිවනේශතුරෙයි චන්ද්රකාන්තන්, රාජ්ය අමාත්යවරුන් වන ශාන්ත බණ්ඩාර,සනත් නිශාන්ත, පියල් නිශාන්ත, ඩී බී හේරත්, ජානක වක්කුඹුර, විජිත බේරුගොඩ,චාමර සම්පත්,පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ඩලස් අලහප්පෙරුම,ඩබ්. එච් එම් ධර්මසේන, වෛද්ය ගයශාන් නවනන්ද, චාල්ස් නිර්මලනාදන්, මොහොමඩ් මුසාමිල්, ජයන්ත කැටගොඩ, ඩබ්. බී වීරසිංහ,අන්ගජන් රාමනාදන්, එම්. ඒ. එල් අතාවුල්ලා,කුමාරසිරි පතිරණ, ජගත් කුමාර,උපුල් මහේන්ද්ර රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් ප්රවාහන මහාමාර්ග අමාත්යංශයේ ලේකම්තුමා, යටතේ ක්රියාත්මක ආයතන වල ප්රධානීන් ඇතුළු නිලධාරීන් රැසක් මෙම කාරක සභා රැස්වීමට එක්ව සිටියහ.