එළඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය සංවිධාන කළ 25 වැනි සදහම් සාර ධර්ම දේශනාව සහ සාංඝික දානමය පින්කම ඊයේ (30) ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ලේක්හවුස් ආයතනයේ සභාපති අනුෂ පැල්පිට, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක දිනිත් චින්තක කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.