ජනපති රනිල් වික්‍රමසිංහ මහතා නිරත වී සිටි සිය යුරෝපා සංචාරය නිමා කර අද (26)  උදෑසන යළි කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

 
මෙම සංචාරය සඳහා දූත පිරිසක් ද එක් වී සිටි අතර ඔවුන් පළමුවෙන් එංගලන්තයේ දින 02 ක සංචාරයක නිරත වීමෙන් පසුව ප්‍රංශය වෙත ගොස් තිබුණි
 
එසේම මෙම සංචාරය සදහා සහභාගී වී සිටි දූත පිරිසෙන් කොටසක් ඊයේ (25)  දින ද කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය. 
 
ඒ අනුව ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිසේ ඉතිරි කොටස අද (26) උදෑසන 09.10 ට ඩුබායි සිට , එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
 
ජනාධිපතිතුමාගේ පැමිණීම වෙනුවෙන් අද අළුයම 05.30 සිට කටුනායක ගුවන් තොටුපොළ තුළ , ඒ අවට ප්‍රදේශයේ සහ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය අවට ප්‍රදේශයේ ද දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ අතර , ඒ සදහා පොලිස් නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් ද යොදවා තිබුණි .