රුපවාහිනී විකාශන ක්‍රමය ඩිජිටල්කරණය කිරීමට අදාළ පිරිවිතර ජපන් රජය විසින් ශ්‍රී ලංකා රජයට භාර දීම  (12) සිදු විය.

ඒ අනුව, ඩිජිටල් විකාශනය මෙරටට හඳුන්වාදීම සඳහා ඩිජිටල් TV Standard හඳුන්වා දීම එනම්, තාක්ෂණික පිරිවිතර ප්‍රමිතීන් (Technology specification standards) මොනවාද යන්න ඇතුළත් ලේඛනය ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි මහතා විසින් මෙරට ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙත පිරිනමන ලදී.

දැනට ලංකාව තුළ රුපවාහිනී විකාශය වන්නේ ඇනලොග් තාක්‍ෂණය යටතේයි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම තුළින් එම ඇනලොග් තාක්‍ෂණය ඩිජිටල් තාක්‍ෂණය දක්වා පර්වර්තනය වේ. ඊට අදාළ තාක්‍ෂණය පිලිබඳ තාක්ෂණික තොරතුරු, තාක්ෂණික විශ්ලේෂණ සහිත දත්ත මෙසේ අද දින ශ්‍රී ලංකා රජය වෙත භාර දෙනු ලැබිය.

දැනට ශ්‍රී ලංකාවේ දේශීය නාලිකා 25 ක් තිබෙන අතර එම නාලිකා 25 ම විකාශනය වන්නේ ඇනලොග් තාක්‍ෂණය යටතේයි. සියලුම නාලිකා ඩිජිටල් වේදිකාවකට ගෙන ඩිජිටල් තාක්‍ෂණය යටතේ විකාශනය කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ බලාපොරොත්තුවයි.
බොහෝ නාලිකා වල නිෂ්පාදන සිදු වන්නේ ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ වන හෙයින් මෙම විකාශනය වන රුපවාහිනී සංඥා විකාශනාගාරයේ සිට නිවස දක්වා රැගෙන යන මාර්ගය තවමත් පවතින්නේ ඇනලොග් තාක්‍ෂණය යටතේයි. එමනිසා තවමත් සුපැහැදිලි දසුන් නැරඹීමේ අපහසුතාවයන් මතුවේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් සමඟ මෙම සංඥා ගමන් මාර්ගය ඇනලොග් සිට ඩිජිටල් දක්වා පරිවර්තනය කිරීම මඟින් කාශනාගාරය තුළ නිෂ්පාදනය කරන ඩිජිටල් රූපරාමු එලෙසම නිවසේ ඩිජිටල් රුපවාහිනිය කරා ගෙන යාමේ හැකියාව ලැබෙනු ඇත.

ඒ තුළින් සියලුම් ප්‍රේක්ෂකයින්ට ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ සියලු දේශීය නාලිකා නැරඹීමට හැකියාව ලැබෙනු ඇති අතරම විකාශන සංඛ්‍යාත කාර්යක්ෂම ක්‍රමයකට භාවිත කිරීම තුළින් සංඛ්‍යාත පරාසයෙන් විශාල ප්‍රමාණයක් ඉතිරි කරගැනීමේ හැකියාවද ලැබෙනු අතරම එම ඉතිරි වන සංඛ්‍යාත ප්‍රමාණයෙන් විවිධ වූ වෙනත් ක්ෂේත්‍ර වලට එනම් විදුලි සංදේශ (Telecommunication), තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය (ICT Infrastructure) දියුණු කිරීමට භාවිත කළ හැකිය.

මෙම සුවිශේෂ අවස්ථාවට මෙරට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට, ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඩි.එම්.එස්. බී. ජයසුන්දර, Management Unit of DTEB Project හි ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රසන්න රාජපක්ෂ, ශ්‍රී ලංකා ජයිකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත ජමාඩා කෙත්සුයා සහ ජපාන තානාපති කාර්යාලයේ නියෝජිත මහත්ම මහත්මිහු ආදී නිළධාරීන් රැසක් සහභාගී වූහ.