ලේක්හවුස් ආයතනයේ මරදාන කැලණි වැලි ශාඛාවේ නව ඩිජිටල් මුද්‍රණ යන්ත්‍රයක් ස්ථාපිත කිරීම ඊයේ (11) සිදු කෙරිණි.මේ යන්ත්‍රය ස්ථාපිත කිරීමත් සමඟ මුද්‍රණ කලාවේ නව පෙරළියක් සිදු කරමින් අති නවීන පැහැදිලි වර්ණ රටාවෙන් යුතු ප්ලෙක්ස් මුද්‍රණ ලබා ගත හැකිවීම සුවිශේෂි කරුණකි.

එම අවස්ථාවේදී පළමුවෙනි මුද්‍රණ ඇණවුම ට්‍රයිකෝ සමාගම් සමූහයේ අධ්‍යක්ෂ ජයන්ත කන්නංගර මහතා සහ ඉනොවේටිව් මීඩියා රිලේෂන්ස් පෞද්ගලික සමාගමේ සභාපතිනී සහ කළමනාකරණ අධ්‍යක්ෂිකා නුරාධා පතිරණ මහත්මිය විසින් ලේක්හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් සහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර පරණතන්ත්‍රී මහත්වරුන් වෙත භාර දුන් අයුරු.

ලේක්හවුස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ නීතිඥ මංජුල මාකුඹුර,නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ ජනක රණතුංග,සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල,අතිරේක සාමාන්‍යාධිකාරී වී.එස්. බොයිස්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චින්තක යාපා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රමිතා ජයමහ ප්‍රවාහන අංශයේ ජේ්‍ෂ්ඨ කළමනාකරු තිස්ස ධම්මික, මෙහෙයුම් කළමනාකරු ගයාන් බණ්ඩාර, ඩිජිටල් මුද්‍රණ ඒකකයේ කළමනාකරු අර්ජුන දිනේෂ් සිරිවංශ, නියෝජ්‍ය කළමනාකරු සුමිත් ප්‍රසන්න, සුභසාධක කළමනාකරු පී. එල්. පී රවීන්ද්‍ර මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.