2024 ඔක්තෝබර් මස 17වැනිදාට පෙර නව ජනාධිපතිවරයෙක් පත්කර ගැනීමට සැප්තැම්බර් මාසයේදී ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ව්‍යවස්ථාවට අනුකූලව පවත්වන බවත් මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය මුදල් වන රුපියල් මිලියන 10ක් අයවැය ලේඛණයෙන්ම වෙන් කර ඇති බව කී අමාත්‍යවරයා , මැතිවරණ 02 ක් පැවැත්වීමට මුදල් නොමැති බවත් කිසිදු පාර්ලිමේන්තු මැතිවරණයක් මේ වර්ෂය තුලදී නොපැවැත්වෙන බවත් පාර්ලිමේන්තුව මෙම වසරේදී විසුරවා නොහරින බවත් කීය.

එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයක් ඉලක්ක කර කිසිදු සංවර්ධන යෝජනා ව්‍යපෘතියක් ආරම්භ නොකර බව කී අමාත්‍යවරයා , පෙර සිටම ක්‍රියාත්මක වූ සංවර්ධන ව්‍යාපෘතීන් මේ වන ක්‍රියාවට නංවා ඇතැයිද පැවසුවේය.