ඡන්ද මධ්‍යස්ථානයක යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වුවහොත් එහි ඡන්දය ශූන්‍ය කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.
අදාළ ඡන්ද ස්ථානාධිපතිවරයාගේ වාර්තාව අනුව ඒ කටයුතු සිදු කරන බවද හෙතෙම රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට ඊයේ (19) එක් වෙමින් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කරමින් ඒ මහතා මෙසේද පැවසීය.
එය සමස්ත ඡන්ද ප්‍රතිශතයට බලපානු ලබන්නේ නම් ඒ ශූන්‍ය කළ මධ්‍යස්ථානවල ඡන්ද ප්‍රතිඵලය නැවත ඡන්ද විමසීමක් පවත්වා අවසන් කරන තුරු සමස්ත ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන්නේනෑ.
ඒ නිසා ඡන්ද මධ්‍යස්ථානවල අනවශ්‍ය ලෙස ගැවසීමෙන්, ඡන්දය කඩාකප්පල් කිරීමේ ක්‍රියාවල යෙදීමෙන් වැළකී සිටින ලෙස දන්වා සිටිනවා. සාමය ආරක්ෂා කිරීමට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව විසින් විවිධ පියවර ගනු ලබනවා.
21 වැනිදා ඡන්ද මධ්‍යස්ථානවලින් ඡන්ද පෙට්ටි ලැබීමෙන් අනතුරුව නිලධාරින් හා අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ වූ පසු ප.ව. 7.ට පමණ දිස්ත්‍රික්කවල ඒ ඒ ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ගණන් කිරීම ආරම්භ වෙනවා. තැපැල් ඡන්ද ගණන් කිරීම ප.ව. 4.15ට පමණ ආරම්භ කිරීමට දැනට කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම ගණන් කිරීමේ කටයුතු සිදුවන්නේ දිස්ත්‍රික් මට්ටමින් එක් එක් පරිශ්‍ර තුළ. ගණන් කිරීම අවසානයේ අදාළ ප්‍රතිඵල ලැබුණු විගස ඒවා මාධ්‍යට ලබාදීමට සියලු කටයුතු යොදලා තිබෙන්නේ. පළමුව ගණන් කිරීම කරනු ලබන්නේ එක් එක් අපේක්ෂකයාට ලැබී ඇති ඡන්ද ප්‍රමාණය ගණනය කිරීම. එම ගණනය කිරීමෙන් අනතුරුව (දිස්ත්‍රික් මට්ටමින් ගණන් කිරීම් සිදුවේ) පළමුව ඡන්ද පෙට්ටිවල තිබෙන ඡන්ද ප්‍රමාණය ගණනය කිරීම සිදු වෙනවා. ඉන් පසු එක් එක් අපේක්ෂකයාට ලැබී තිබෙන ඡන්ද ප්‍රමාණය ගණනය කරලා, එය ඡන්ද ප්‍රදේශ මට්ටමින් හා දිස්ත්‍රික් මට්ටමින් සකස් කිරීම සිදු කරනවා. මැතිවරණ මහලේකම් කාර්යාලය තමයි සමස්ත ප්‍රතිඵලය ගණනය කරනු ලබන්නේ. කිසියම් අපේක්ෂකයකුට වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50ක් හෝ එකක් ලැබිලා තියෙනවාද කියලා බලනවා. එහෙම ලැබිලා තියෙනවානම් ඒ අවස්ථාවේදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු අවසන් වෙනවා. අපි ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කරනවා. යම් හෙයකින් කිසිඳු අපේක්ෂකයකුට සියයට 50ක් හෝ එකක් ලැබිලා නැතිනම්, මනාප ගණන් කිරීමේ අවස්ථාවට යා යුතු වෙනවා. එහිදී සිදුවන්නේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් අපේක්ෂකයන් දෙදෙනා තරගයේ ඉතිරි කරලා, ඉතිරි අපේක්ෂකයන් 36 දෙනා තරගයෙන් ඉවත් කරනවා. විශාල තිර යොදාගෙන පාර අයින්වලට එක් රැස් වෙලා නැරඹීම, ආලෝකය සහිත බැලුම් ගුවන් ගත කිරීම, කණ්ඩායම් ලෙස රැස්වෙලා ප්‍රසිද්ධ ස්ථානවල රැඳී සිටීම තහනම් කර තිබෙනවා. එසේ කළ හොත් ආරක්ෂක අංශ නිසි පියවර ගනු ලබනවා.
මැතිවරණ කොමිසම තීරණය කරනු ලැබුවා මෙවර ජංගම දුරකතන ගෙන යෑම තහනම් කළ යුතුයි කියලා. පසුගිය තැපැල් ඡන්ද දිනයේ ඡන්ද පොළේ දී ඡන්දය භාවිත කරලා ඡායාරූප අරන් සමාජ මාධ්‍යවල දැම්මා. එය නීති විරෝධී ක්‍රියාවක්. තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක වුණා නම් ඡන්ද පොළක මෙය නොවෙයි කියලා විශ්වාස කරන්න බැහැ. ඒ නිසා ජංගම දුරකතනය ගෙන එන්න එපා කියලා ඉල්ලා සිටිනවා.
පළමු ඡන්ද ප්‍රතිඵලය දෙන වෙලාවක් අපිට මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න බැහැ. වෙනත් ඡන්ද විමසීම්වලට වඩා මෙවර වෙනසක් වුණා. අපිට මේ තත්ත්වය පවත්වාගෙන යන්න තවදුරටත් සහාය අවශ්‍යයි. අපිට ප්‍රතිඵල ලැබුණු වාහාම ඡන්ද ප්‍රතිඵල ලබා දෙනවා. දිස්ත්‍රික්වලින් අපට දිස්ත්‍රික් ප්‍රතිඵලය ප්‍රධාන කාර්යාලයට එවන්න ඕනේ. දිස්ත්‍රික් ප්‍රතිඵල අපට ලැබුණු පසු මැතිවරණ මහලේකම් කාර්යාලයේදී එකතු කරලා අවසන් ප්‍රතිඵලය දැනුම් දෙනවා. අපිට මනාප ගණන් කිරීම ගැන පූර්ව අත්දැකීමක් නැහැ. ඡන්ද ගණන් කිරීමට යන වෙලාවට වඩා අඩු කාල සීමාවකින් ඉතා ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කරලා ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. වෙලාවල් පිළිබඳව පූර්ව නිගමනයන් කරන්න බැහැ. අපට මෙතෙක් කල් දැක්වූ සහාය ගැන ස්තූතිය පළ කරනවා.
මැතිවරණ කොමිසමේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක –
කලින් අවස්ථාවලදී වගේම ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරීයාට නැවත ගණන් කිරීමක් අවශ්‍ය නම් ඉල්ලන්නත් පුළුවන්. ගණන් කිරීමේ ශාලාව තුළ තමයි ඒක වෙන්නේ. අවස්ථා දෙකකදී ඉල්ලන්න පුළුවන්. ඊට පසු තමයි දිස්ත්‍රික් සමස්ත ප්‍රතිඵලය දෙන්නේ. සම්ප්‍රදායික මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කර තිබෙනවා. තාක්ෂණයෙන් සමීක්ෂණ කරන්න තව කාලයක් නැහැ. 21 වැනිදා සියල්ල තීරණය වන නිසා අපට අවශ්‍ය සහාය දෙන්න කියලා සමාජ මාධ්‍ය භාවිත කරන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව මහතා –
මැතිවරණ ප්රචාරක කටයුතුවලට සම්බන්ධ වෙමින් පොලිසිය අපේක්ෂකයන්ට ආරක්ෂාව දුන්නා. ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව, ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවල ආරක්ෂාව, මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව අපි ඉදිරියේදී තහවුරු කළ යුතු වෙනවා. විශේෂයෙන් මැතිවරණ ඡන්ද පැවැත්වෙන ස්ථානවලට එක් මධ්‍යස්ථානයකට නිලධාරීන් දෙදෙනකු යොදවනවා. ඊට අමතරව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 51ට එක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ සම්බන්ධීකරණයෙන් පොලිස් නිලධාරින් යොදනවා. ඊට අමතරව මාර්ග රාජකාරී, කැරලි මර්දන රාජකාරී සඳහා කණ්ඩායම් යොදවා තිබෙනවා. ඊට අමතරව පොලිස් ස්ථානවල කුඩා කැරලි මර්දන කණ්ඩායම් යොදවා තිබෙනවා. ඒ වගේම තවත් ප්‍රධාන කැරලි මර්දන කණ්ඩායම් කොට්ඨාසවල ස්ථාපිත කරනවා.
ප්‍රධාන කැරලි මර්දන කණ්ඩායම් සියලු මැතිවරණ කොට්ඨාසවල ස්ථාපිත කර තිබෙනවා. විශේෂ මෙහෙයුම් මැදිරියක් පොලිස් මූලස්ථානයේ පිහිටුවා තිබෙනවා. මෙය පොලිසිය, හමුදාව, බුද්ධි අංශ නිලධාරින්ගෙන් සමන්විතයි. පළාත් 9ට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ මූලිකත්වයෙන් යුතුව ඔවුන්ගේ අධීක්ෂණය යටතේ මෙහෙයුම් මැදිරි 9 ක් ස්ථාපිතයි. බුද්ධි නිලධාරීන් යොදවා තිබෙනවා. මැතිවරණ දිනයේ පශ්චාත් මැතිවරණ කාලසීමාව තුළ මේ බුද්ධි අංශ නිලධාරින් රාජකාරී කරනවා. යම් සිදු වීමක් වාර්තා වුණොත් ඔවුන් විසින් ඊට අදාළ කරුණු මෙහෙයුම් මැදිරිවලට යොමු කරනවා. මේ අවස්ථාවට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වන එම්.ඒ.සී.ටී. පෙරේරා. අමීර් ෆාහිම්, ඒ. ෂර්මුගනාදන්, මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක, රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ දිනිත් චින්තක කරුණාරත්න මහත්වරුද මේ අවස්ථාවට එක් වූහ.