ලේක්හ­වුස් මාධ්‍ය ඇක­ඩ­මිය ශ්‍රී ලාංකේය මුද්‍රිත මාධ්‍ය කලාවේ නව මාන­ය­ක්  – සම්බු­ද්ධා­ලෝක විහා­රා­ධි­පති මහා­චාර්ය ඉත්ත­දෙ­ම­ලියේ ඉන්ද­සර නාහිමි

ලේක්හ­වුස් මාධ්‍ය ඇක­ඩ­මිය සර­ස­වි මට්ට­මට ගේනවා” – ලේක්හ­වුස් සභා­පති මහා­චාර්ය හරේන්ද්‍ර කාරි­ය­ව­සම්

ශ්‍රී ලාංකේය මුද්‍රිත මාධ්‍ය කලාව නව මාන­ය­කට රැගෙන ගිය ලංකාවේ සීමා­ස­හිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමා­ගම, දැනු­මෙන් සන්නද්ධ නිර්මා­ණ­ශීලී මාධ්‍ය­වේ­දීන් බිහි­කි­රීම වෙනු­වෙන් ලේක්හ­වුස් මාධ්‍ය ඇක­ඩ­මිය ආරම්භ කිරීම කාලෝ­චිත ක්‍රියා­වක් බව දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝ­නා­යක, කොටුව සම්බු­ද්ධා­ලෝක විහා­රා­ධි­පති මහා­චාර්ය ඉත්ත­දෙ­ම­ලියේ ඉන්ද­සර නාහි­මියෝ ප්‍රකාශ කරති.

ලංකාවේ පුව­ත්පත් කලාවේ අති විශිෂ්ට සේවා­වක් සිදු­ක­රන ආය­ත­න­යක් බවට ලේක්හ­වුස් ආය­ත­නය පත්ව තිබෙන බව පෙන්වා දෙන උන් වහන්සේ මාධ්‍ය පිළි­බ­ඳව විශේෂ වග­කී­මක් මෙන්ම අයි­ති­යක් ලේක්හ­වුස් ආය­ත­න­යට පැව­රෙන බව ද සංස්කෘ­තිය සහ සභ්‍ය­ත්වය ආරක්ෂා කර­මින් මාධ්‍ය හැසිර විය යුතු බවද උන්ව­හන්සේ පැව­සූහ.

උන් වහන්සේ මේ අද­හස් පළ කළේ නව පරි­ශ්‍ර­යක ස්ථාපිත කළ ලංකාවේ සීමා­ස­හිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමා­ග­මට අයත් මාධ්‍ය ඇක­ඩ­මිය විවෘත කිරීම වෙනු­වෙන් ඊයේ (19) පෙර­ව­රුවේ පැවති උත්ස­වයේ අනු­ශා­ස­නා­වක් කර­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් මහා­චාර්ය ඉත්ත­දෙ­ම­ලියේ ඉන්ද­සර නාහි­මියෝ මෙසේද පැව­සූහ.

ලේක්හ­වුස් ආය­ත­නයේ මාධ්‍ය ඇක­ඩ­මිය අද නව පරි­ශ්‍ර­යක දී විවෘත කෙරෙ­නවා. ලේක්හ­වුස් ආය­ත­නයේ මෙවැනි අංශ­යක් ආරම්භ වීම කාලෝ­චිත ක්‍රියා­වක් හැටි­යට දකි­නවා. ලේක්හ­වුස් ආය­ත­නයේ නිර්මාතෘ ඩී.ආර්.විජ­ය­ව­ර්ධන මහතා ලංකාවේ පුව­ත්පත් කලාවේ අති විශිෂ්ට සේවා­වක් කරන ආය­ත­න­යක් බවට මේ ආය­ත­නය පත්කර තිබෙ­නවා. ඒ මහතා අපේ සිංහල බෞද්ධ සංස්කෘ­තිය, සභ්‍ය­ත්වය, භාෂාව හා සාහි­ත්‍යය ආදී අංශ­ය­න්වල සුර­ක්ෂි­ත­තාව, පෝෂ­ණය හා ඒවායේ දියු­ණුව සඳහා විවිධ අංශ­ය­න්ගෙන් තමන්ගේ පුව­ත්පත් කලාව මෙහෙ­ය­වූවා. වත්මන් මාධ්‍ය අංශය පිළි­බ­ඳව බල­න­විට පුව­ත්පත් මහ­ගෙ­දර හැටි­යට දැක්වෙන මේ ආය­ත­න­යට මාධ්‍ය පිළි­බ­ඳව විශේෂ වග­කී­මක් සහ අයි­ති­යක් තිබෙ­නවා. මාධ්‍යයේ නිද­හස පිළි­බ­ඳව අපි කවු­රුත් අව­ධා­නය යොමු කළ­යුතු වෙනවා. මාධ්‍ය අපේ ලංකාවේ යම් යම් රාමු­වල ක්‍රියා­ත්මක විය යුතුයි. අපට සංස්කෘ­ති­යක් සභ්‍ය­ත්ව­යක් වගේම අපට උරුම යම් යම් ක්‍රියා­වලි සම්භා­ර­යක් තිබෙ­නවා.

ඒ තුළ අපි මාධ්‍ය කියන එක හැසිර වුව­හොත් ඒක වඩාත්ම සදා­චා­රා­ත්මක එකක් බවට පත් වෙනවා. යම් යම් අව­ස්ථා­වල අපට ඇහෙ­නවා, යම් යම් අව­ස්ථා­වල කිය­නවා පූජ්‍ය ඉත්ත­දෙ­ම­ලියේ ඉන්ද­සර ප්‍රකාශ කළා. ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ සඳ­හන් කළා. ඒ වගේ භාෂා­වක් පාවිච්චි කර­න­විට එය ළම­යෙක් අහ­ගෙන ඉන්නවා නම් මේක තමයි නිවැ­රැදි ක්‍රමය කියා විශ්වාස කර­නවා. ඒ වගේම අපි සංස්කෘ­තික වශ­යෙන් බැලූ­විට අපේ විවිධ විදිහේ හර පද්ධ­තීන් තිබෙ­නවා. කවුරු හෝ උප­හා­සා­ත්ම­කව යමක් පැවසූ විට ඒක මාධ්‍ය මඟින් පුළුල් ප්‍රචා­ර­යක් ලබා­දෙන්නේ නම් ඒ සම්බ­න්ධ­යෙන් විශාල හිත් රිදී­මක් ඇති වෙනවා. තවත් පිරි­ස­කගේ ඊර්ෂ්‍යා­වක් ඇති වෙනවා. තවත් පිරි­ස­කගේ සතු­ටට හේතු­වෙ­නවා. නමුත් බුදුන් වහන්සේ දක්වා තිබෙන්නේ භාෂාව යන්න අපි පාවිච්චි කරන්න ඕනෑ වගේම ඒ සම්බ­න්ධ­යෙන් විවිධ ලක්ෂණ තිබෙ­නවා කිය­ලයි. භාෂාවේ නිර­ව­ද්‍ය­තා­වක් තිබෙන්න ඕනෑ. භාෂාවේ මට­සි­ලුටු බවක් තිබෙන්න ඕනෑ. භාෂාවේ කන්කලු බවක් තිබෙන්න ඕනෑ.

භාෂා­වෙන් කෙන­කුගේ සිත් රිදී­මක් වෙන්න නර­කයි. ඒ වගේම භාෂා­වෙන් බෙදී­මක් වෙන්න නර­කයි. එබඳු ලක්ෂණ ආරක්ෂා කිරී­මක් තමයි භාෂාව පාවිච්චි කිරීමේ දී බුදුන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ. අප­ටම ආවේ­ණික වූ සංස්කෘ­ති­යක් තුළ අප­ටම ආවේ­ණික වූ සභ්‍ය­ත්ව­යක් තුළ අප­ටම ආවේ­ණික වූ භාෂා­වක් තුළ මාධ්‍යය හැසි­ර­වීමේ දී ඒ රාමුවේ ක්‍රියා­ත්මක වන්නේ නම් අපේ උරු­ම­යන් ආරක්ෂා කර ගැනීමේ අව­ස්ථාව ලැබෙ­නවා. ඒ නිසා මේ මාධ්‍ය ඇක­ඩ­මි­යෙන් ඒවා පිළි­බ­ඳව දැනු­ම්වත් කිරීම්, ඒවා පිළි­බ­ඳව යම් අව­බෝ­ධ­යන් ආධු­නි­ක­යන්ට ලබා­දීම අපේ සංස්කෘ­ති­යට, භාෂා­වට හා සභ්‍ය­ත්ව­යට මහා ආර­ක්ෂා­වක් ඒ තුළින් වෙනවා. ලේක්හ­වුස් ආය­ත­නයේ නිර්මා­තෘ­ව­ර­යාගේ ක්‍රියා­ක­ලා­පය වුණේ මේවා පෝෂ­ණය කර­මින් ආරක්ෂා කිරී­මයි. ලේක්හ­වුස් ඇක­ඩ­මිය පටන් ගත්තේ අනූෂ පැල්පිට මහතා සභා­ප­ති­ව­රයා වශ­යෙන් ඉන්න කාල­යේදී. මහා­චාර්ය හරේන්ද්‍ර  කාරි­ය­ව­සම් මහතා ඒ සඳහා තව­දු­ර­ටත් පහ­සු­කම් සප­ය­මින්, පෝෂ­ණය කර­මින් එයින් විශාල ප්‍රති­ඵල ලබා­ගන්න අව­ස්ථාව ලබාදී තිබෙ­නවා. ඒ කට­යුතු සාර්ථ­කව ඉටු­කි­රී­මට ශක්තිය ලැබේවා.

ලංකාවේ සීමා­ස­හිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමා­ගමේ සභා­පති මහා­චාර්ය හරේන්ද්‍ර කාරි­ය­ව­සම් මහතා-

අද දවස අපට විශේෂ දව­සක්. මීට වසර කිහි­ප­ය­කට පෙර ලේක්හ­වුස් මාධ්‍ය ඇක­ඩ­මිය ඒ අව­ස්ථාවේ හොඳම පරි­ශ්‍ර­යක ආරම්භ කළා. මේ පරි­ශ්‍රයේ මීට පෙර තිබූ වාර ප්‍රකා­ශන වෙනත් ස්ථාන වෙත යොමු කිරී­මෙන් අන­තු­රුව මාධ්‍ය ඇක­ඩ­මිය නව පරි­ශ්‍ර­යට ගෙන ඒමට පිය­වර ගත්තා. මේ කාර්යයේ දී විශාල පිරි­සක් සහාය දුන්නා. ඒ සියලු දෙනා­ටම මගේ ගෞර­වය පිරි­න­ම­නවා. මාධ්‍ය පිළි­බඳ දැනු­ම්වත් මාධ්‍ය­වේ­දීන් සහ විචා­ර­ශීලී අර්ථ­වත් මාධ්‍ය­වේ­දීන් අපට අවශ්‍ය වෙනවා. කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේදී සිසිර පර­ණ­තන්ත්‍රී මහතා ද එක්තරා යුග­යක පත්ත­ර­ක­රු­වෙක් වෙනවා. ඒ යුග­යට ශික්ෂ­ණ­යක්, හික්මී­මක් තිබෙන තමන්ගේ රැකි­යාව වෙනු­වෙන් සුවි­ශේෂී කැප­වී­මක් කරන තරුණ මාධ්‍ය­වේ­දීන් ඉන්නවා ද කියන එක ප්‍රශ්න­යක්. ඒ වගේම ඒ මාධ්‍ය­වේ­දීන් කුමන ආකා­ර­යෙන් තමන්ගේ පෑන හසු­රු­ව­නවා ද කියන එක ප්‍රශ්න­යක්. ඒ නිසා අපට අවශ්‍ය දැනු­ම්වත් සහ ශික්ෂ­ණ­යක් ඇති අව­බෝ­ධා­ත්මක මාධ්‍ය­වේ­දීන් පිරි­සක් බිහි­ක­ර­න්නයි.

ඒක තමයි මාධ්‍ය ඇක­ඩ­මියේ අර­මුණ වෙන්නේ. මාධ්‍ය ඇක­ඩ­මිය සම්පූ­ර්ණ­යෙන්ම පුව­ත්පත් කලා­වට වෙන් වෙන්නේ නැහැ. මෙය විශ්ව­වි­ද්‍යා­ල­යක මට්ට­මට ගෙන­ඒම තමයි අපේ අර­මුණ. අපට එක දෙයක් පේනවා. ඉතා කුඩා තැන­කින් පට­න්ගෙන අද නව පරි­ශ්‍ර­ය­කට පැමිණ තිබෙ­නවා. සහෝ­දර පෞද්ග­ලික මාධ්‍ය ආය­ත­න­යක් අති­වි­ශාල මුද­ලක් වැය­කොට දැවැන්ත මාධ්‍ය ආය­ත­න­යක් දක්වා යනවා. අපට තව කාල­යක් යයි එවැනි ධන­යක් වැය කරන්න. නමුත් අපට තිබෙන වට­පි­ටාව, අපට තිබෙන ශක්තීන් සහ පද­නම සමඟ සුවි­ශේෂී ආය­ත­න­යක් බිහි­ක­රන්න අපට පුළු­වන්. ඒ නිසා ලේක්හ­වුස් කාර්ය මණ්ඩ­ල­යට ලොකු අභි­යෝ­ග­යක් තිබෙ­නවා. අපට කතා කරන්න පුළු­වන් හොඳ අතී­ත­යක් තිබෙ­නවා. අපට ආඩ­ම්බර වෙන්න පුළු­වන් වර්ත­මා­න­යක් තිබෙ­නවා. ඒ අතී­තය සහ වර්ත­මා­න­යට අංශු මාත්‍ර­යක හෝ නිමා­වක් නොතබා දැවැන්ත අනා­ග­ත­ය­කට ලේක්හ­වුස් ආය­ත­නය ගෙන­යාම ඔබ සතු අභි­යෝ­ග­යක් සහ ශක්ති­යක් වෙනවා. ඒක ඔබට පුළු­වන්.

ඒ දෙය කරන්න ඕනෑ. මේක විශ්ව­වි­ද්‍යා­ල­යක් මට්ට­මට ගෙන එන­විට සම්බ­න්ධී­කා­ර­ක­ව­ර­ය­කුට අම­ත­රව හොඳ ලේඛ­කා­ධි­කා­ර­ය­කුත් පත්කර ගත­යුතු වෙනවා. විශ්ව විද්‍යා­ල­යක ප්‍රධාන දෙයක් තමයි හොඳ ලේඛ­කා­ධි­කා­ර­ව­ර­යෙක් සිටීම. ඒ සඳහා අත්දැ­කීම් සපිරි අයෙක් බඳවා ගෙන මේක විශ්ව­වි­ද්‍යා­ල­යක මට්ට­මට ගේන එක තමයි අපේ සිහි­නය. මේ උත්සව සියල්ල අතී­ත­යට එක්වු­ණාට මේ තුළින් බිහි­වන දරු­වන් අයිති වෙන්නේ අනා­ග­ත­ය­ටයි. ඒ අනා­ගත පර­ම්ප­රාව වෙනු­වෙන් තමයි අපි මේ සියලු ආයෝ­ජන කරන්නේ. ඒ අනුව ඔවුන් මේකෙන් ඉගෙ­න­ගෙන සමා­ජයේ සැරි­ස­රන විට ලේක්හ­වුස් ආය­ත­න­යට එන සෑම අය­කු­ටම සැබෑ අර්ථ­යක් ලැබෙ­නවා. ලේක්හ­වුස් මාධ්‍ය ඇක­ඩ­මිය සඳහා විශාල පිරි­සක් සහාය දී තිබෙ­නවා. පසු­ගිය කාලයේ අපි විශාල ජය­ග්‍ර­හණ ලබා තිබෙ­නවා. මූල්‍ය වශ­යෙන් මෙන්ම ගුණා­ත්මක වශ­යෙන් ලේක්හ­වුස් ආය­ත­නය ජය­ග්‍ර­හණ ලබා තිබෙ­නවා.

ඒ තුළින් ලේක්හ­වුස් ආය­ත­නයේ මාධ්‍ය ඇක­ඩ­මිය අපි ලබා­ගත් ජය­ග්‍ර­හණ අතර සුවි­ශේෂී එකක් වේවායි මම ප්‍රාර්ථනා කර­නවා. ඒ වගේම ලේක්හ­වුස් ආය­ත­න­යෙන් බිහි­වන මාධ්‍ය­වේ­දීන් සහ විවිධ පාඨ­මා­ලා­ව­ලින් බිහි­වන විවිධ උපා­ධි­ධා­රීන්, ඩිප්ලෝ­මා­ධා­රීන් වැනි අය මේ සමා­ජ­යට සේවය කරන දව­සට මේ අව­ස්ථා­වට සැබෑ අර්ථ­යක් ලැබෙ­නවා යැයි පැව­සීය.

ලංකාවේ සීමා­ස­හිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමා­ගමේ සභා­පති මහා­චාර්ය හරේන්ද්‍ර කාරි­ය­ව­සම් මහතා අතින් ලේක්හ­වුස් මාධ්‍ය ඇක­ඩ­මියේ නව පරි­ශ්‍රය නිල වශ­යෙන් විවෘත කෙරුණු අතර අන­තු­රුව දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝ­නා­යක, කොටුව සම්බු­ද්ධා­ලෝක විහා­රා­ධි­පති මහා­චාර්ය ඉත්ත­දෙ­ම­ලියේ ඉන්ද­සර නාහි­මියෝ සෙත්පි­රිත් සජ්ඣා­යනා කර­මින් ආශි­ර්වාද එක් කළහ. මේ මාධ්‍ය ඇක­ඩ­මිය නව පරි­ශ්‍රයේ විවෘත කිරී­මට සම­ගා­මීව නව පරි­ශ්‍ර­යන්හි ස්ථාපිත කළ මිහිර, තරුණී, බුදු­ස­රණ, සුබ­සෙත සහ සර­ස­විය වාර ප්‍රකා­ශ­න­වල නව පරිශ්‍ර විවෘත කිරීම ද මෙහිදී සිදු­විණි.

ලංකාවේ සීමා­ස­හිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමා­ගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පර­ණ­තන්ත්‍රී, මූල්‍ය අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ජයන්ත නව­රත්න, සාමා­න්‍යා­ධි­කාරී සුමිත් කොත­ලා­වල, සමා­ගම් ලේකම් සුදර්ශී හේවා­ව­සම්, නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කා­රී­ව­රුන් වන චන්දන බණ්ඩාර (ආය­ත­නික කට­යුතු), චින්තක යාපා (දැන්වීම්), සිළු­මිණ වැඩ බලන ප්‍රධාන කර්තෘ ශිරෝමී අබ­ය­සිංහ මහත්ම මහ­ත්මීන් ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.