ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අභිනව ජනාධිපති ලේකම් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද(23) පත් කර තිබේ.

ආචාර්ය නන්දික සනත් කුමානායක මහත‌ා සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හදාරා ඇති අතර ශ්‍රී ලංකා රේගුවේ Integrity development advisor ලෙස ද කටයුතු කර ඇත.

ඒ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියෙකි.