අද (24) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව අග්රාමාත්යවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය දිවුරුම්දී ඇත.

එසේම නව කැබිනට් මණ්ඩල වගකීම් පහත පරිදි වෙන් කරනු ලැබ ඇත.
01. ආරක්ෂක
02. මුදල්, ආර්ථික සංවර්ධන, ප්රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක
03. බලශක්ති
04. කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරි මාර්ග, ධීවර හා ජලජ සම්පත්
යන අමාත්යාංශ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේත්,
05. අධිකරණ, රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු
06. අධ්යාපන, විද්යා සහ තාක්ෂණ
07. කාන්තා, ළමා හා කරුණ කටයුතු සහ ක්රීඩා
08. වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමුපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන
09. සෞඛ්
යන අමාත්යාංශ ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය යටතේත්,
10. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්
11. ප්රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා
12. මහජන ආරක්ෂක
13. විදේශ කටයුතු
14. පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්රජා යටිතල පහසුකම්
15. ග්රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම්
යන අමාත්යාංශ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා යටතේත් ඉදිරි කෙටි කාලය තුළ පාලනය වනු ඇත.
මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් නිපුණාරච්චි, හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක, වෛද්ය නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ යන සහෝදරවරුද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආර්ක්ෂක අමාත්යාංශයේ ලේකම් එච්.එස්. තුයියකොන්ත යන මහත්වරුන්ද ඇතුළු පිරිසක් එක්ව සිටියහ.