රටක් ලෙස ගොඩ­නැ­ඟී­මට ශක්ති­මත් ආර්ථි­ක­යක් ඇති කිරී­මට මෙවර අය-වැයෙන් මූලික පිය­වර තැබූ බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ප්‍රකාශ කළේය.

ජනා­ධි­ප­ති­ව­රයා මේ අද­හස් පළ කළේ, කොළඹ සින­මන්ඩ් ලයිෆ් හෝට­ලයේ ඊයේ (19) පැවති Ò2025 පශ්චාත් අය-වැය කති­කා­ව­තට එක්වෙ­මිනි. ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණ­යෙන් ණය ගෙවී­මට ගත් වසර තුනක විරාම කාලය හොඳින් උප­යෝගී කර නිවැ­රදි ආර්ථික කළ­ම­නා­ක­ර­ණ­ය­කින් 2028 වන විට ණය ගෙවීමේ ශක්‍ය­තා­වක් ඇති කිරී­මට රජය අපේක්ෂා කරන බව ද ජනා­ධි­පති අනුර දිසා­නා­යක මහතා කියා සිටි­යේය. බංකො­ලො­ත්භා­ව­යට පත් වූ රටක් නැවත ගොඩ­නැ­ඟී­මට ලෝකයේ බොහෝ රට­ව­ලට දශ­ක­යක් ගත වී ඇති නමුත් ශ්‍රී ලංකා­වට ඉන් මිදී­මට දශ­ක­යට වඩා අඩු කාල­යක් ගත කාල­යක් ගත­වේ­යැයි පුරෝ­ක­ථ­නය කළ හැකි බවත් මෙහිදී ජන­ප­ති­ව­රයා පැව­සීය.

රාජ්‍ය ආදා­යම දළ දේශීය නිෂ්පා­ද­න­යෙන් 15.1%ක් දක්වා වර්ධ­නය කිරී­මට මෙවර අය-වැය මඟින් යෝජනා කර තිබෙන බවත් ප්‍රමු­ඛතා හඳු­නා­ගෙන මුදල් වැය කිරීම රජයේ අපේ­ක්ෂාව බවත් ජනා­ධි­ප­ති­ව­රයා සඳ­හන් කළේය. ආර්ථි­කය ප්‍රසා­ර­ණය කිරී­මට ආර්ථි­කය ගමට තල්ලු කිරී­මත්, පුර­වැ­සියා ආර්ථි­කයේ කොට­ස්ක­රු­වකු කර ගැනී­ම­ටත් මෙවර අය-වැය මඟින් අව­ධා­නය යොමු කර ඇති අතර ඉන් පුර­වැ­සි­යාට ප්‍රති­ලාභ ලැබීමේ හැකි­යාව ද ඉහළ යනු ඇතැයි ජනා­ධි­ප­ති­ව­රයා අපේක්ෂා පළ කළේය. ආර්ථි­ක­යෙන් පිටමං කළ කණ්ඩා­යම් නැවත ආර්ථි­ක­යට එකතු කර ගනි­මින් ගම් මට්ට­මෙන් කුඩා ආර්ථික ඒකක නිර්මා­ණය කිරී­මට වත්මන් රජය සැල­සුම් කර ඇති අතර ඒ අනුව සුළු හා මධ්‍ය පරි­මා­ණයේ ව්‍යව­සා­ය­ක­යන් ගොඩ­නැ­ඟීමේ උන්මා­ද­යක් රටේ ඇති කිරී­මට අපේක්ෂා කරන බව ද ජනා­ධි­ප­ති­ව­රයා පැව­සීය. කර්මා­න්ත­යට සහාය දීම රජයේ අර­මුණ බව පෙන්වා දුන් ජනා­ධි­ප­ති­ව­රයා නිෂ්පා­දන පිරි­වැය අඩු කිරී­මෙන් පාරි­භෝ­ගි­ක­යාට සහන සැල­සීම රජයේ ඉල­ක්කය බව ද කියා සිටි­යේය. ග්‍රාමීය දුප්ප­ත්භා­ව­යෙන් රට ගොඩ­නැ­ඟී­මට අධ්‍යා­ප­නය සඳහා මෙවර අය-වැයෙන් වැඩිම මුද­ලක් වෙන් කර ඇති බව ද එම­ඟින් පාසල් පද්ධ­තියේ මානව සම්පත හා භෞතික සම්පත් ප්‍රති­ව්‍යු­හ­ගත කිරී­මට බලා­පො­රොත්තු වන බව ද ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය. ඒක රේඛීය අධ්‍යා­ප­නය වෙනු­වට බහු රේඛීය අධ්‍යා­ප­න­යක් ඇති කිරීම මෙම­ඟින් අපේක්ෂා කෙරේ.

විදුලි බිල අප අඩු­ක­රන්න ඕනෑ.සාම්පූ­ර්වල සෝලා බලා­ගා­ර­යට අප්‍රේ­ල්වල මුල්ගල තබන්න බලා­පො­රොත්තු වෙනවා.එතැන මෙගා­වොට් 120ක් තිබෙ­න­වා­යිද ජන­ප­ති­ව­රයා පැව­සීය.

රාජ්‍ය විය­දම් කළ­ම­නා­ක­ර­ණ­යට මෙවර අය-වැයෙන් අව­ධා­නය යොමු කර ඇති අතර රාජ්‍ය සේවාව ලබා­දී­මට විශාල පිරි­වැ­යක් දැරී­මට සිදුවේ. ඒ නිසා රාජ්‍ය ආය­තන විය­දම් සමා­ලෝ­ච­නය කිරී­මට බලා­පො­රොත්තු වේ. දේශ­පා­ලන අධි­කා­රිය දූෂ­ණ­යෙන් තොර තැනක් බවට පත් කර තිබෙන බවත්, අල්ලස් නොදෙන සංස්කෘ­ති­යක් ඇති කිරීම පුර­වැ­සියා සතු වග­කී­මක් බව ද ජනා­ධි­ප­ති­ව­රයා පෙන්වා දුන්නේය. අප­න­ය­නය ඉලක්ක කර­ගත් ආර්ථි­ක­යක් ඇති කිරීම සඳහා නව වෙළෙඳ ගිවි­සුම් අත්සන් කිරී­මට බලා­පො­රොත්තු වන බවත් මේ වසරේ ඉහළ අප­න­යන ආදා­ය­මක් අපේක්ෂා කරන බවත් ජනා­ධි­ප­ති­ව­රයා සඳ­හන් කළේය.

වරාය කේන්ද්‍ර කර ගත් ආර්ථි­ක­යක් ඇති කිරීම සඳහා වත්මන් රජයේ අව­ධා­නය යොමුව ඇති අතර කාර්ය­ක්ෂම බහ­ලුම් හුව­මාරු මධ්‍ය­ස්ථා­න­යක් ඇති කිරී­මට ද මෙවර අය-වැය මඟින් අව­ධා­නය යොමු කර ඇත. සංචා­රක කර්මා­න්තය දිරි ගැන්වී­මට නගර ප්‍රව­ර්ධන (City Brand) වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කිරී­මට කට­යුතු කෙරෙන අතර අනු­රා­ධ­පු­රය, යාප­හුව, යාප­නය වැනි නගර ප්‍රව­ර්ධ­නය කිරී­මට ද සැල­සුම් කර තිබේ. රාජ්‍ය­තා­න්ත්‍රික සේවාව රටේ ආර්ථික අවස්ථා පුළුල් කර­ගැ­නීම සඳහා යොදා ගැනී­මට බලා­පො­රොත්තු වන බව ද ජනා­ධි­ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.