2025 මැයි 4 - 6 දක්වා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් සමාජවාදී ජනරජයේ සිදු කළ රාජ්‍ය සංචාරය පිළිබඳවවියට්නාම සමාජවාදී ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් සිදු කරනු ලබන ඒකාබද්ධ නිවේදනය

1. වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති ලුඕං කුඕංගේ මහතාගේ ආරාධනයෙන්ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 මැයි 4 - 6 දක්වා වියට්නාම්යේ රාජ්‍ය සංචාරයක නිරත විය. මෙම සංචාරය වියට්නාම් - ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 55 වන සංවත්සරය (1970 - 2025) නිමිති කර සිදු වූවකි.

2. සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මහත් ගරුබුහුමන් සහිත පිළිගැනීමක් හිමි විය. ජනාධිපතිවරයා වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලැම්ජනාධිපති ලුඕං කුඕංඅගමැති ෆාම් මින් චින් සහ ජාතික සභාවේ සභාපති ට්‍රාන් තන් මෑන් යන මහත්වරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය. එසේමජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ හිටපු  ජනාධිපති හෝ චි මිං මහතාගේ සොහොන් ගැබ වෙත ගොස් උපහාර පුද කළේය. එහිදීඅන්‍යෝන්‍ය විශ්වාසයගෞරවයබෙදාහදාගත් වටිනාකම්සංස්කෘතික සම්ප්‍රදායන් සහ ගැඹුරු අවබෝධයක් මත පදනම්ව දෙරටෙහි නායකයින් පරම්පරා ගණනාවක් තුළ ගොඩනඟා ගෙන පෝෂණය කරන ලද මිත්‍රත්වයේ සමීප බැඳීම සංකේතවත් කරමින් ජනාධිපතිවරයා රණවිරුවන් සහ දිවි පිදූවන් සඳහා වූ යුද ස්මාරකයටද පුෂ්පෝපහාර දැක්වීය.

3. වියට්නාමයේ බෞද්ධ සංඝයා වහන්සේලා සහ වියට්නාම් රජය විසින් කරන ලද ඒකාබද්ධ ආරාධනයට ගරු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 මැයි 6 වන දින හෝ චි මිං නගරයේ පැවති එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර දෙරට අතර දිගුකාලීන බෞද්ධ සබඳතා යළිත් තහවුරු කරමින් එහි ප්‍රධාන දේශනයද පැවැත්වීය.

4. වියට්නාමයේ රාජ්‍ය ප්‍රධානීන් සහ ජනාධිපති දිසානායක මහතා අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්විකකලාපීය සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳව පුළුල් සාකච්ඡා පැවැත්විණි. 1970 ජූලි 21 වන දින රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් පසු වසර 55ක් පුරා දෙරට අතර සාම්ප්‍රදායික මිත්‍රත්වයේ සහ බහුවිධ සහයෝගීතාවයේ වර්ධනය පිළිබඳව ඔවුහු තෘප්තියෙන් යුතුව කතිකාවෙහි යෙදුණු අතරඑය ඉහළ මට්ටමේ දේශපාලන විශ්වාසයදෙරට ජනතාව අතර සමීප සබඳතා සහ දෙරටේ ජනතාව අතර  වන සුහදත්වය මත ගොඩනැඟුණකි. ජාතික සංවර්ධනයේ දී දෙරට අතර ඇති සමීප මිත්‍රත්වය සහ මහඟු සහයෝගය ඉදිරි වසරවලදී වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ පුළුල් කිරීම සඳහා ස්ථිර පදනමක් දමා ඇති බව දෙපාර්ශ්වයම සහතික කළහ.

5. සමාජ හා ආර්ථික සංවර්ධනයේ කැපී පෙනෙන ජයග්‍රහණ සහ ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා වියට්නාම් රජයට සුබ පැතුවේය. නැගෙනහිර ආසියා-පැසිෆික් කලාපයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් සහ සමෘද්ධිමත් නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට රට පරිවර්තනය කිරීමේදී වියට්නාම නායකත්වයේ සාර්ථකත්වයද ජනපතිවරයාගේ පැසසුමට ලක් විය. මෑතකදී අවසන් වූ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණවල ජයග්‍රහණය සහ ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වූ භූගෝලීය පිහිටීම සැලකිල්ලට ගනිමින්ඉන්දියානු සාගර කලාපයේ ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවට වැදගත් භූමිකාවක් හෙබ විය හැකි බව ඒත්තු ගන්වමින් රට තුළ ආර්ථික ස්ථාවරත්වය සහ සංවර්ධනය ඇති කිරීමට දරන උත්සාහයන් පිළිබඳව වියට්නාම නායකයෝ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ ජාතික ජන බලවේගයට සුබපැතුම් එක් කළහ.

6. ද්විපාර්ශ්වික සබඳතා ඊළඟ මට්ටමට ඉහළ නංවා ගැනීම සඳහා යොමු විය යුතු මුඛ්‍ය දිශානතීන් පිළිබඳව දෙපාර්ශ්වයේ නායකයෝ සාකච්ඡා කර එකඟතාව පළ කළහ. රජයේ ඉහළ මට්ටමේ සංචාර සහ සම්බන්ධතා වැඩිදියුණු  කිරීමවිවිධ මට්ටම්වල නියෝජිත කණ්ඩායම් හුවමාරු කර ගැනීම මෙන්ම ජනතාව අතර සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම ඇතුළුව වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සමීප දේශපාලන සබඳතා ප්‍රවර්ධනය කිරීම ඉදිරියටම කරගෙන යාමට දෙපාර්ශ්වයම එකඟ වූහ.

7. පවතින ද්විපාර්ශ්වික සහයෝගීතා යාන්ත්‍රණයන් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ඔවුහු එහිදී අවධාරණය කළහ. මෙම සන්දර්භය තුළවිදේශ කටයුතු අමාත්‍යාංශ දෙක අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනයන්හි 5 වන වටයේ සාකච්ඡා කලින් කැඳවීමවෙළෙඳාම පිළිබඳ උප කමිටුවේ 3 වන රැස්වීම සහ වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථිකවිද්‍යාත්මක හා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ ඒකාබද්ධ කොමිසමේ 4 වන රැස්වීම පැවැත්වීම 2025දී ක්‍රියාත්මක කළ යුතු ප්‍රමුඛතා ලෙස හඳුනා ගැනිණි.

8. ජාතික ආරක්ෂාව මෙන්ම පොදුවේ ආරක්ෂාව යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශ්වයම ඔවුන්ගේ කැපවීම නැවත තහවුරු කළහ. මේ සම්බන්ධයෙන්ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම සමාලෝචනය කර අලුත් කිරීමටආරක්ෂක නියෝජිතයින් හුවමාරු කර ගැනීම වැඩි කිරීමටවියට්නාමයේ ජාතික ආරක්ෂක ඇකඩමිය සහ ශ්‍රී ලංකාවේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර නියෝජිතයින් හුවමාරු කර ගැනීම මඟින් ආරක්ෂක අධ්‍යයනයන්හි සහයෝගීතාව ප්‍රවර්ධනයට දෙපාර්ශ්වය එකඟ වූහ. අධ්‍යාපනය සහ පුහුණුවබුද්ධි තොරතුරු හුවමාරුව සහ නියෝජිතයින් හුවමාරු කර ගැනීම මෙන්ම එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහාද දෙපාර්ශ්වය එකඟ වූහ. ත්‍රස්තවාදයනීතිවිරෝධී සංක්‍රමණ සහ සයිබර් අපරාධ ඇතුළු අන්තර්ජාතික අපරාධවලට එරෙහිව සටන් කිරීමේදී ද්වීපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ වැදගත්කම ද දෙපාර්ශ්වය විසින් අවධාරණය කරන ලදී. දෙපාර්ශ්වයේම ධාරිතා වර්ධනය කිරීම සඳහා ආරක්ෂක කර්මාන්තයේ සහයෝගීතාව සඳහා ඇති අවස්ථා පිළිබඳවද දෙපාර්ශ්වය සාකච්ඡාවෙහි නිරත වූහ. ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව සම්බන්ධයෙන්වියට්නාමය සහ ශ්‍රී ලංකාව දෙරටේ මහජන ආරක්ෂක අමාත්‍යාංශ දෙක අතර සබඳතා ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයම එකඟතාව පළ කළහ.

9. වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර වෙළඳාම සහ ආයෝජන ක්ෂේත්‍රයේ විශාල විභවතා පවතින බවට දෙපාර්ශ්වයම එකඟ වූහ. වේගයෙන් පරිණාමය වන ගෝලීය ආර්ථික පරිසරයේ සන්දර්භය තුළ,  ද්විපාර්ශ්වික ආයෝජන ගිවිසුම සමාලෝචනය කිරීම සහ ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන සඳහා පහසුකම් සැලසීම සඳහා වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ද්විත්ව බදුකරණය වැළැක්වීමට ගිවිසුම් ගත වීම ඇතුළුව ශක්තිමත් සහයෝගීතාවක් ප්‍රවර්ධනය කිරීමට දෙපාර්ශ්වයම එකඟ වූහ.

10. නුදුරු අනාගතයේ දී වෙළෙඳ පිරිවැටුම ඇමරිකානු ඩොලර් බිලියන 1 දක්වා ගෙන ඒම අරමුණු කර ගත් වෙළෙඳ පහසුකම් සැපයීමතොරතුරු හුවමාරුවවෙළෙඳ මෙහෙයුම් මගින් ව්‍යාපාර අතර සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම මෙන්ම ව්‍යාපාර ගැළපීමප්‍රදර්ශනසම්මන්ත්‍රණ වැනි ද්විපාර්ශ්වික වෙළෙඳාම වැඩිදියුණු කිරීම සඳහා ප්‍රායෝගික පියවර ගැනීමට දෙපාර්ශ්වයම එකඟ වූහ. එකිනෙකාගේ ශක්තීන් මත පදනම් වෙමින් හා සහයෝගයෙන් කටයුතු කරමින්අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වෙළෙඳාම හඳුනා ගැනීම සහ අනුගමනය කිරීමට දෙපාර්ශ්වය එකඟ වූහ.

11. දෙරට අතර ශක්තිමත් ආයෝජන ප්‍රවාහයන් වැඩිදියුණු කිරීමට නායකයෝ එකඟ වූහ. 2025 මාර්තු 31 වන දින වන විට ඇමරිකානු ඩොලර් මිලියන 43කට වඩා වැඩි ලේඛනගත ප්‍රාග්ධනයක් සහිත ව්‍යාපෘති 33ක් සඳහා ශ්‍රී ලංකාව විසින් කරන ලද ආයෝජන පිළිබඳ වියට්නාම පාර්ශ්වයේ ඇගයුම හිමි විය.

12. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ ආර්ථික සංවර්ධනයේ ස්ථාවර හා ආකර්ෂණීය ප්‍රගතිය පැසසුමට ලක් කළ අතරවිශේෂයෙන් කෘෂිකර්මාන්තයආහාර සැකසීමනිෂ්පාදනපුනර්ජනනීය බලශක්තියඉලෙක්ට්‍රොනික හා මෝටර් රථ උපාංගදේපළ වෙළෙඳාම්ආගන්තුක සත්කාරඖෂධ අංශරෝහල්දුරකථන සන්නිවේදනයසැපයුම්යටිතල පහසුකම් සහ කාර්මික යටිතල පහසුකම් යන ක්ෂේත්‍ර සඳහා වියට්නාමයේ සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාව උනන්දු වන බව ප්‍රකාශ කළේය.

13. දැනටමත් පවතින ගුවන් සේවා ගිවිසුම මත පදනම්ව දෙරට අතර ගුවන් සම්බන්ධතාවය වැඩි කිරීමේ වැදගත්කම පිළිබඳව නායක දෙපළ එකඟ වූහ. දෙරට අතර සංචාරක ව්‍යාපාරයේ වේගවත් වර්ධනයක් සහතික කිරීම සඳහා ගුවන් සම්බන්ධතාවය ශක්තිමත් දිරිගැන්වීමක් වනු ඇති බවට ඔවුහු එකඟ වූහ. මේ සම්බන්ධයෙන්දෙරටේම ගුවන් සේවාවල ඉක්මනින් සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම දිරිගැන්වීමට දෙපාර්ශ්වයම එකඟ වූහ. සංචාරකව්‍යාපරික සහ දෙරට ජනතාව අතර සම්බන්ධතාව වැඩිදියුණු කිරීම සහ වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ගමන් පහසුව ප්‍රවර්ධනය කිරීම සඳහා පහසුකම් සැලසීමේ හැකියාව පිළිබඳවද දෙපාර්ශ්වය සාකච්ඡා කළහ.

14. කෘෂිකාර්මික අංශයේ සහයෝගීතාව සඳහා පවතින සුවිශේෂී විභවතාව දෙපාර්ශ්වයම පිළිගත්හ. විශේෂයෙන් ස්වයංක්‍රීයකරණයයාන්ත්‍රීකරණය සහ විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රවල සහ පසු අස්වනු සැකසුම් ක්ෂේත්‍රයේ වියට්නාමය සිය කෘෂිකාර්මික අංශයෙන් ඉදිරියට යාමේදී ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය සැලකිල්ලට ගෙනකෘෂිකාර්මික නූතනකරණය දිරිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ උත්සාහයන්ට සහාය වීමට අවශ්‍ය විශේෂඥතා දැනුම බෙදා ගන්නා මෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉල්ලා සිටියේය.

15. වියට්නාම කෘෂිකර්ම ඉංජිනේරු සහ පසු අස්වනු තාක්ෂණ ආයතනය (VIAEP), ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය (NIPHM) සහ ශ්‍රී ලංකාවේ ගොවිපොළ යාන්ත්‍රික පර්යේෂණ මධ්‍යස්ථානය (FMRC) අතරවියට්නාම කෘෂිකර්ම විද්‍යා ඇකඩමිය සහ ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ අඛණ්ඩව  සහයෝගීතාව පවත්වා ගනිමින්කෘෂිකාර්මික අංශයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමඅන්‍යෝන්‍ය වර්ධනය පෝෂණය කිරීම සහ දෙපාර්ශ්වයටම වටිනා දැනුම හුවමාරුව සඳහා පහසුකම් සැලසීම සහ 2024-2026 කාලය සඳහා කෘෂිකාර්මික වැඩසැලැස්මක් පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා එකඟතාව පළ විය. කෘෂිකාර්මික අංශයේ වෘත්තිකයන් සඳහා කෙටිකාලීන අධ්‍යයන චාරිකා සංවිධානය කිරීමට සහ පහසුකම් සැලසීමටද දෙපාර්ශ්වයම එකඟ වූහ.

16. පුරාවිද්‍යා ක්ෂේත්‍රවල සහ සංස්කෘතික කෞතුක වස්තු සංරක්ෂණය කිරීමේදී වියට්නාමයට සහාය වීමට ශ්‍රී ලංකාවෙහි කැමැත්ත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේය. සහස්‍ර දෙකකට අධික පොහොසත් උරුමයක් සහ පුරාණ ස්ථාන සහ කෞතුක වස්තු සංරක්ෂණය කිරීමේ පුළුල් අත්දැකීම් ඇති ශ්‍රී ලංකාවසංස්කෘතික උරුමය ආරක්ෂා කිරීමට සහ සැමරීමට වියට්නාමය දරන උත්සාහයන්ට සහාය වීම සඳහා විශේෂඥතාව සහ හොඳම පරිචයන් බෙදාහදා ගැනීමට සූදානම්ව බව දැන්වූ අතරවියට්නාම් පාර්ශ්වය මෙම දැනුම් පරිත්‍යාගය ඇගැයුම් සහගතව පිළිගත්තේය.

17. දෙරට අතර සංස්කෘතික හා ඓතිහාසික බැඳීම් නායකයෝ අවධාරණය කළහ. 2023 දී ශ්‍රී ලංකාව විසින් බායි ඩින් අධ්‍යාත්මික සංකීර්ණයට පරිත්‍යාග කරන ලද පූජනීය බෝධි වෘක්ෂයේ පැළය වටා පිටත ප්‍රාකාරය ඉදිකිරීමේ ව්‍යාපෘතියේදී දෙපාර්ශ්වයේ ඒකාබද්ධ ප්‍රයත්නයට ඔවුන් එකඟ වූ අතරඑය සත්‍ය ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ කැටයම් සහ අද්විතීය වියට්නාම්-නිර්මාණයෙන් ඉදිකළ ප්‍රාකාරයක් වේ. එය දෙරට අතර ශක්තිමත් සංස්කෘතික හා අධ්‍යාත්මික සහයෝගීතාවට සාක්ෂියකි.

18. 1999දී අත්සන් කරන ලද අධ්‍යාපන සහයෝගීතා ගිවිසුම අලුත් කිරීම පිළිබඳව දෙපාර්ශ්වයම සතුට පළ කළ අතරඅලුත් කරන ලද ගිවිසුම මත පදනම්ව අධ්‍යාපන සහයෝගීතාව සඳහා වැඩසැලැස්මක් අත්සන් කිරීමට දෙපාර්ශ්වයම ඊට අදාළ ආයතන දිරිමත් කළහ. දෙරටේ උසස් අධ්‍යාපන ආයතන අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම නායකයින් දෙදෙනාම අවධාරණය කළ අතරවිවිධ අධ්‍යයන විෂයන්හි ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් සඳහා පහසුකම් සැලසීම සඳහා අන්‍යෝන්‍ය වශයෙන් කැමැත්ත පළ කළහ.

19. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂයෙන් විද්‍යාවතාක්ෂණය සහ කෘෂිකර්මය යන ක්ෂේත්‍රවල ශිෂ්‍යත්ව අවස්ථා වැඩි කිරීම මගින් සිසුන් සඳහා අවස්ථා පුළුල් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. ඊට ප්‍රතිචාර වශයෙන්වියට්නාම පාර්ශවය බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයේ ශිෂ්‍යත්ව අවස්ථා ලබා ගැනීමට කැමැත්ත පළ කළේය.

20. දෙපාර්ශ්වයම කෘත්‍රිම බුද්ධිය (AI), ඊ-වාණිජ්‍යය සහ ඩිජිටල් පරිවර්තනය යන ක්ෂේත්‍රවල ඔවුන්ගේ ශක්තීන් හඳුනාගත් අතරතිරසාර සංවර්ධනයවැඩිදියුණු කළ මහජන සේවා සැපයීම සහ නවෝත්පාදනය ප්‍රමුඛ ආර්ථික වර්ධනය සඳහා නැගී එන තාක්ෂණය උපයෝගී කර ගැනීම සඳහා දෙපාර්ශ්වයේ කැපවීම පෙන්නුම් කළහ. ධාරිතා වර්ධනයදැනුම හුවමාරුව සහ තාක්ෂණ හුවමාරුව හරහා සහයෝගීතාව වැඩිවර්ධනය කර ගැනීමට දෙපාර්ශ්වයම එකඟ වූහ.

21. දෙරට විසින් කලාපීය සහ බහුපාර්ශ්වික සංසදවල ලබා දෙනු ලබන සමීප සහයෝගීතාව සහ සහයෝගය පිළිබඳව නායක දෙපළ සතුට පළ කළ අතර ගෝලීය දකුණට වැදගත් වන ගැටලු සම්බන්ධයෙන් සහයෝගීතාව සහ සම්බන්ධීකරණය තවදුරටත් පුළුල් කිරීමටද එකඟ වූහ.

22. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය (UNFCCC) මගින් ප්‍රකාශ කරන ලද පරිදි සාමූහික ක්‍රියාමාර්ගයේ වැදගත්කම යළි තහවුරු කළ දෙරට නායකයෝවිශේෂයෙන් සීමිත අනුවර්තන ධාරිතාව හේතුවෙන් අසමානුපාතිකව අවදානමට ලක්ව ඇති සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ප්‍රවේශ විය හැකි දේශගුණික මූල්‍යකරණයක හදිසි අවශ්‍යතාව අවධාරණය කළහ. ගෝලීය උණුසුම ඵලදායී ලෙස අවම කිරීම සහ මුහුදු මට්ටම ඉහළ යාම ආදී ගැටලු විසඳීම සඳහා නව්‍ය මූල්‍යකරණ යාන්ත්‍රණ සහ දියුණු රටවල් සිය බැඳීම් ඉටුකිරීම ඇතුළු ඒකාබද්ධ ජාත්‍යන්තර ප්‍රයත්නයක් අත්‍යවශ්‍ය බව ඔවුහු අවධාරණය කළහ.

23. 2025දී වියට්නාමයේ හැනොයිහිදී එක්සත් ජාතීන්ගේ සයිබර් අපරාධවලට එරෙහි සම්මුතියට අත්සන් තැබීමට සත්කාරකත්වය සැපයීමේ අවස්ථාව ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බවද එහිදී දැන්වීය.

24. සාමයස්ථාවරත්වයආරක්ෂාව සහ නාවුක නිදහස පවත්වා ගැනීමේ වැදගත්කම ශ්‍රී ලංකාව සහ වියට්නාමය යළි තහවුරු කළ අතර ස්ථාවර හා සාමකාමී ජාත්‍යන්තර සමුද්‍රීය සාමයක් පවත්වා ගැනීම සඳහා ජාත්‍යන්තර නීතියටවිශේෂයෙන් 1982 එක්සත් ජාතීන්ගේ සමුද්‍රීය නීතිය පිළිබඳ සම්මුතියට (UNCLOS) ගරු කිරීමේ සහ එය පිළිපැදීමේ වැදගත්කම අවධාරණය කළහ.

25. අග්නිදිග ආසියාව සහ ආසියාන් (ASEAN) සංවිධානය සමඟ සහයෝගීතාව ඉදිරියට ගෙන යාම තම පරිපාලනය යටතේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන මූලධර්මයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුම් දුන්නේය. වියට්නාමය මෙම ප්‍රතිපත්තිමය ස්ථාවරය පිළිගත් අතර සමීප සම්බන්ධීකරණය සහ සහයෝගීතාවයේ අවශ්‍යතාව අවධාරණය කළේය. මේ සම්බන්ධයෙන්, 2023 - 2026 කාලය තුළදී ආපදා සහන පිළිබඳ අන්තර්-සැසිවාර රැස්වීමේ සම-සභාපතිවරුන් ලෙස ASEAN කලාපීය සංසදය (ARF) තුළ වියට්නාමය සහ ශ්‍රී ලංකාව ඉටු කරන ලද ක්‍රියාකාරී භූමිකාව පිළිබඳව නායකයින් දෙදෙනාම සතුට පළ කළහ. ASEAN ආංශික සංවාද හවුල්කරුවෙකු වීමට ශ්‍රී ලංකාව දක්වන උනන්දුවද වියට්නාම් පාර්ශ්වයේ සැලකිල්ලට ලක් විය.

26. සංචාරය අතරතුර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම්, එකඟතා ගිවිසුම් මගින් සුවිශේෂී සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සහයෝගීතාවයක් සඳහා අඩිතාලම දමා ඇති බවටත්බහුවිධ ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය තවදුරටත් ඉහළ නැංවීමට මඟපාදනු ඇති බවටත් නායකයෝ එකඟ වූහ.

27. දෙරට අතර විශිෂ්ට සම්බන්ධතාවය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට සහ ඉහළ තලයකට ගෙන ඒමට හැකි වන පරිදිඅන්‍යෝන්‍ය අවබෝධයේ ආත්මීය හැඟීමෙන් පැවත් වූ මෙම ඵලදායී සාකච්ඡා පිළිබඳව නායකයෝ සිය සතුට පළ කළහ.

28. වියට්නාම් රාජ්‍ය සංචාරයේදී ලැබුණු උණුසුම් පිළිගැනීම සහ ආගන්තුක සත්කාරය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් රාජ්‍යයටරජයට සහ ජනතාවට සිය කෘතඥතාව පළ කළ අතරප්‍රධාන ලේකම් ටෝ ලැම් සහ ජනාධිපති ලුඕං කුඕං මහතාට අන්‍යෝන්‍ය වශයෙන් පහසු වේලාවක ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කළේය. එම ආරාධනය ඔවුන් විසින් ඇගැයුම් සහගතව පිළිගනු ලැබීය.