ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ ආචාර්ය චරිත හේරත් මහතා අද(08) පෙරවරුවේ ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ දී රාජකාරියේ ආරම්භ කළේ ය.

මෙම අවස්ථාවට අතිරේක ලේකම්වරියන් වන රමණි ගුණවර්ධන මහත්මිය හා සුචිත්‍රා කන්නන්ගර මහත්මීන්ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ඇතුළු අමාත්‍යාංයේ හා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප්‍රධානීන් රැසක් මෙමඅවස්ථාවට සහභාගී වුහ.