නැගෙනහිර පළාත සහ උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් එහි සංචාරක කර්මාන්තයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමේ අරමුණ ඇතිව

ඕස්ට්‍රේලියානු රජයේ ආධාර මත ඕස්ට්‍රේලියානු රජය සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක ව්‍යාපෘතියක් වන අන්තර්ගෘහිත ආර්ථික වර්ධනය සඳහා නිපුණතා (Skills for Inclusive Growth Program) නම් ව්‍යාපෘතිය මඟින් දක්ෂතම සූපවේදියා තේරීමේ තරඟාවලියක් සංවිධානය කර ඇත.

සුප්‍රීම් චෙෆ් ලෙස නම් ලද මෙම තරඟාවලිය 2018 දෙසැම්බර් 01දින සිට සෑම සෙනසුරාදා දිනකම ප.ව.5.30ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශනය කිරීමට නියමිතය.