නවීන තාක්ෂණය සමඟ වෙනස්වෙමින් පවතින ශ්‍රම වෙළඳපලට අවශ්‍ය නිපුණතාවයෙන් හෙබි තරුණ තරුණියන් බිහි කිරීමේ අරමුණින් මෙවර අ.පො.ස. (සා.පෙ) විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන්ට නොමිලේ පූර්ණ කාලීන හා අර්ධ කාලීන වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාව සලසා ඇති බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය නිවේදනය කර සිටී.

මෙමඟින් ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවේ (NVQ) සහතික පත්‍ර මට්ටමේ සිට තාක්ෂණවේදී උපාධිය දක්වා වෘත්තීය අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව උදාවනු ඇත. මේ පිළිබඳව අද දින අ.පො.ස. (සා.පෙ) විභාගයට පෙනී සිටි සිසු දරු දැරියන්ව දැනුවත් කිරීමට අත් පත්‍රිකා ද ලබා දී ඇත.

ඒ අනුව දිවයින පුරා පිහිටුවා ඇති අනුමත රාජ්‍ය හා රජයේ ලියාපදිංචි පුහුණු ආයතන වලට ඉල්ලුම්පත් ඉදිරිපත් කරන ලෙස අමාත්‍යංශය ඉල්ලා සිටිනු ලැබේ. මෙමඟින් වෘත්තීය ක්ෂේත්‍ර 28 ක් යටතේ පාඨමාලා 2057 සඳහා ඉල්ලුම් කළ හැක.

වැඩි විස්තර www.youthjobs.lk වෙබ් අඩවියෙන් හෝ 0112 081 808 යන දුරකථන අංකය අමතා ලබා ගත හැක.

sinhala 4 page 001

 

sinhla 1 page 001 

sinihala 2 3 page 001