එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා යෝජනා ක්‍රමය ආරම්භ කොට මාස පහක කාලය තුළ රුපියල් මිලියන පනස්දහසකට වැඩි මුදලක් ණය වශයෙන් පිරිනමා ඇතැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේය.
මේ සා විශාල මුදල ලබාගෙන කුඩා හා මධ්‍ය පරිමාණ ඇතුළු ව්‍යාපාරික අංශයේ තිස්පන්දහසක් දෙනා සවිබල ගැන්වී ඇතැයිද ඇමැතිවරයා සඳහන් කෙළේය.
රජය මේ ණය යෝජනා ක්‍රමය යටතේ මූල්‍ය පහසුකම් ලබා ගන්නා අයට පොලී සහනාධාරය ලෙස රුපියල් මිලියන 5000ක් ලබාදී ඇතැයි ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
කෘෂිකර්මාන්තය, අපනයන කර්මාන්ත, තොරතුරු තාක්ෂණය හා සංචාරක ව්‍යාපාරයන්හි දියුණුවට මේ ණය මුදල් ලබාගෙන ඇතැයිද මංගල සමරවීර මහතා කීය.