ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා චීන තානාපති එච්.ඊ.චෙන් ෂු යුවාන් මැතිතුමා සහ නියෝජිත පිරිස භාණ්ඩාගාරයේදී 11 දින හමු විය. ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා රජයේ චීන තානාපති වරයා අන්තර් ජාතික මුල්‍ය අරමුදල සමග නැවත වරක් ශ්‍රී ලංකා රජයේ සැලසුම් පිළිබද කටයුතු කිරීම ගැන ප්‍රශංසාව පල කල අතර අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීම කෙරෙහි චීන රජයට ස්තුතිය පල කළේය.

චීන තානාපති එච්.ඊ.චෙන් ෂු යුවාන් මැතිතුමා ශ්‍රී ලංකා ආර්ථිකයේ සංවර්ධනයට සිය රටවල් වල සහයෝගය ලබා දීම ගැන නැවතත් අවධාරණය කළේය. අන්තර් ජාතික මුල්‍ය අරමුදල සමග තිරසාර අයුරින් නැවත කටයුතු කිරීමට අප දරන ප්‍රයත්නයට ඔවුන්ගේ සහයෝගය ලබා දෙන බවට ප්‍රතිඥාවක්ද ලබා දුන්නේය.
මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය එච්.එස්.එස්.සමරතුංග මැතිතුමා, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මනෝ තිත්තවැල්ල මැතිතුමා ඇතුඵ අමාත්‍යාංශයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම රැස්වීමට සහභාගි වුහ.