මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු මංගල සමරවීර මැතිතුමාගේ මුලිකත්වයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත මණ්ඩලය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂක ක්‍රිස්ටින් ලගාර්ඩ් මහත්මිය ජනවාරි මස 15 වන දින වොෂින්ටන් හිදී හමු වු අතර, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සටහන් නැවත ආරම්භ කිරීමේ හැකියාව පිළිබදව සාකච්ජා පැවැත්විණ.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු මංගල සමරවීර මැතිතුමා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාරිත්වය සමග ශ්‍රී ලංකා ආර්ථිකයේ මෑතකාලීන වර්ධනයන් පිළිබද යාවත්කාලීන කළේය.
2016 එකග වී තිබුණු ඇමරිකානු ඩොලර් මිලියන 1.5 වසර තුනක් ඉක්ම වු දිගුකාලීන අරමුදල් පහසුකම් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 01 ක වියදම් ප්‍රමාණය ඉක්මවා ගොස් තිබුණි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කලමණාකාර අධ්යක්ෂ ලගාර්ඩ් මහත්මිය ප්‍රකාශ කලේ ශ්‍රී ලංකා බලධාරින් මේ දරන ප්රයත්නයයට සහයෝගය ලබා දීමට අන්තර් ජාතික මුල්‍ය අරමුදල තවමත් සුදානම්ව සිටින බවයි. අන්තර් ජාතික මුල්‍ය අරමුදලේ කණ්ඩායමක් 2019 පෙබරවාරි මාසයේදී කොළඹ දී සාකච්ජා වැඩ සටහන් ආරම්භ කිරීමට සැලසුම් කොට තිබේ.
පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ගරු හර්ෂ ද සිල්වා මැතිතුමා, මහා භාණ්ඩාගාර ලේකම් ආර්.එච්.එස්.සමරතුංග මැතිතුමා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මැතිතුමා, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය එන්.පී.වීරසිංහ මැතිතුමා, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබද උපදේශක දේශාල් ද මෙල් මැතිතුමා මෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ විධායක අධ්යක්ෂ එම්.සිරිවර්ධන මැතිතුමාද මෙම ශ්‍රී ලංකා නියෝජිත මණ්ඩලයට ඇතුලත් විය.