පිලිපීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත වූ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මාතෘ භූමියට ප්රතිලාභ රැසක් සමගින් සිය රාජ්‍ය සංචාරය සාර්ථකව නිමවා ඊයේ (19) රාති‍්‍රයේ යළි දිවයිනට පැමිණියේ ය.
ජනාධිපතිතුමා පිලිපීන රාජ්‍ය සංචාරය ආරම්භ කළේ පසුගිය 15 වෙනිදායි. ඒ 58 වසරක දෙරට අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා තුළ පිලිපීන රාජ්‍ය සංචාරයක් සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකුට ආරාධනා හිමි වූ පළමු අවස්ථාව සනිටුහන් කරමිනුයි.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ ව්‍යාපෘති 03ක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 455ක ණය සහ ප්‍රදානයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයාගේ කැමැත්ත පළ කෙරුණේ ද ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේ සුවිශේෂී ප්‍රතිලාභයක් ලෙසයි.
එමෙන්ම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ පිලිපීන රාජ්‍ය සංචාරයේ තවත් විශේෂ කටයුත්තක් ලෙස පිලිපීනයේ ලොස් බානොස්හි පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය සහ ශ්‍රී ලංකාව අතර පස් අවුරුදු කි‍්‍රයාකාරි සැලැස්මකට අත්සන් තැබීම ද සිදු විය. ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත කිරීම සඳහා වන ජාතික සැලැස්ම කි‍්‍රයාවට නැංවීමට අදාළව මෙම කි‍්‍රයාකාරී සැලැස්මට අත්සන් තැබුණු අතර ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත රටක් බවට පත් කර ගැනීමේ ඉලක්ක සපුරා ගැනීම සහ දේශගුණික විපර්යාස සඳහා වන බලපෑම් අවම කර ගැනීම එහි අරමුණයි.
එමෙන්ම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය ධූර කාලය තුළ උර දී සිටින සුවිශේෂීම කාර්යභාරය වූ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනීම සඳහා පිලිපීන රජයේ සහය පළවීම ද මෙම සංචාරයෙන් හිමිවූ සුවිශේෂි ප්රතිලාභයකි. ඒ සඳහා ලබාදිය හැකි තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳ සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක් ළගදීම දිවයිනට පැමිණීමට නියමිත බව ප්‍රකාශ කෙරුණේ ජනාධිපතිතුමා පිලිපීන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිරික්ෂණ චාරිකාවක නිරතවෙමින් පිලිපීන ජාතික පොලිස් සේවාවේ ප්‍රධානි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග පැවති සාකච්ඡුාවේ දී ය.
ජනාධිපතිතුමා 15 වනදා රාති‍්‍රයේ මැනිලා නුවර නිනෝයි අකිනෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වූ අතර එහිදී එරට වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යවරයා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස මහත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.
සිය සංචාරයේ පළමු කටයුත්ත සනිටුහන් කරමින් පිලිපීන විප්ලවයට උරදුන් ජාතික වීරයන් සිහිපත් කිරීම උදෙසා මැනිලා නුවර ඓතිහාසික නාගරික උද්‍යානය වන Rizal park හි ස්ථාපිත කර ඇති ස්මාරකය වෙත ගිය ජනාධිපතිතුමා මල් කළඹක් තැන්පත් කර ඊට පුෂ්පෝපහාර දැක්වීය.
ඉන් අනතුරුව පිලීපන ජනාධිපති මන්දිරය වන මලකන්යන්ග් පැලස් වෙත ගිය ජනාධිපතිතුමාට පිිලිපීන ජනාධිපති රොඩ්රිගෝ දුතෙරතේ මැතිතුමාගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ සංස්කෘතික සබදතා නව ප්රවේශයන් ඔස්සේ ඉදිරියට ගෙන යාම පිළිබඳ එහිදී රාජ්‍ය නායකයන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර දෙරට අතර එම සබඳතා සවිමත් කර ගැනීම සඳහා නව ගිවිසුම් 05 කට අත්සන් තැබුණේ ද රාජ්‍ය නායකයන් ඉදිරියේ යි.
මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙනුවෙන් පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ දුතෙර්තේ මැතිතුමා විසින් පිළිගන්වන ලද විශේෂ රාති‍්‍ර භෝජන සංග්‍රහය 16 වනදා රාති‍්‍රයේ මලකන්යන්ග් පැලස් හි දී පැවැත්විණි. එහිදී සුවිශේෂී සමරු තිළිණයක් ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ රුව සහිත ආලේඛ්‍ය චිත්‍රයක් පිලිපීන ජනාධිපතිතුමා විසින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිරිනැමුයේ සිය හෘදයාංගම මිත්‍රත්වය තහවුරු කරමිනුයි.
පිලිපීන ශ්‍රී ලංකා රාජ්‍ය නායක හමුවෙන් පසු පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ දුතෙර්තේ මැතිතුමා මාධ්‍ය අමතමින් කියා සිටියේ විශ්වාසනීය මිත්‍රත්වයක් සමග පිලිපීන – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කර ගැනීමට කැපවන බවයි.
ශ්‍රී ලංකාවට සහය පළ කිරීමට පිලිපීන ජනාධිපතිවරයාගේ මගපෙන්වීමෙන් ඉදිරියේ දී එරට රජය කි‍්‍රයාවට නංවන සියලු වැඩසටහන්වලට පිලිපීන පාර්ලිමේන්තුවේ එකඟතාවය එකහෙළා ප්‍රකාශ කරන බව පිලිපීන කථානායකවරිය ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේ දි සඳහන් කළාය.
සිය සංචාරයේ දී මැනිලා නුවර ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා ලොස් බානොස් හි පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනයේ නිරික්ෂණ චාරිකාවකට ද එක් විය. ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේ තවත් සුවිශේෂී සිදුවීමක් වූයේ ජාත්‍යන්තර සහල් පර්යේෂණායතන භූමියේ එක් බිම් කොටසක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නමින් නම් කිරීමට පියවර ගෙන තිබීමයි. කෘෂිකර්මාන්තය කෙරෙහි කැපවීමක් සහ ළැදියාවක් දක්වන නායකයෙකු ලෙස එතුමාට සිදුකරන උපහාරයක් ලෙස මේ සඳහා කටයුතු කර තිබුණි.
1961 වසරේ ආරම්භ කෙරුණු ශී‍්‍ර ලංකා – පිලිපීන රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතාවල සුවිශේෂී කඩඉමක් වසර 58 කට පසු සනිටුහන් කරමින් මාතෘ භූමියට ප්රතිලාභ රැසක් සමගින් ජනාධිපතිතුමාගේ පිලිපීන සංචාරය නිමාවට පත් විය.