ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ මෙහයවීමෙන් ක්‍රියාත්මක ''මතින් නිදහස් රටක්'' මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් සමුළුව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) මාතර සනත් ජයසූරිය ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි.

දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් කැපවූ රාජ්‍ය නිලධාරින් ඇගැයීම, පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ නියමුවන්ට නිල ලාංඡන පැළදවීම, ක්‍රියාකාරී ග්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු 04 ක් සදහා සහ ක්‍රියාකාරි පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු 03ක් සදහා ඇගැයිම් සහතික පත් ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

මීට අමතරව තාරුණ්‍ය මත්ද්‍රව්‍ය උවදුරෙන් නිදහස් කර ගැනීමට විශ්වවිද්‍යාලවල දායකත්වයෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිඛෙන අතර, ඒ යටතේ රුහුණු විශ්ව විද්‍යාලයේ මත්ද්‍රව්‍ය නිවාරණ පර්යේෂණ ඒකකයේ කටයුතු සදහා මූල්‍ය පරිත්‍යාගයක් පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය. මහාචාර්ය සමන් චන්දන එදිරිවීර මහතා ඊට අදාළ චෙක්පත ජනාධිපතිතුමා අතින් ලබා ගත්තේ ය.

දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක හා මාතර ඉසිපතනාරාමාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය තලහගම ඥානරතන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරුන් ද, අමාත්‍ය මංගල සමරවීර, නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර, පළාත් අමාත්‍යවරුන් වන චන්දිමා රාසපුත්‍ර, මනෝජ් සිරිසේන යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් ද, මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

d3

 

d5 

d4

 

d1

d2

drug

{jathumbnail off}