2019 වර්ෂය සදහා ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් හදුන්වාදීමේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 02 වැනිදා කොළඹ, අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අභ්‍යන්තර, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, නගර සැලසුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම් යන මහත්වරුන් ප්‍රමුඛ මැති ඇමැතිවරුන්, පළාත් සභා නගර සභා හා ප්‍රාදේශීය සභාවල මහජන නියෝජිතයින් සහ දේශපාලනඥයන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වී සිටියහ.
ගම්පෙරළිය හා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් වර්තමාන ජයග්‍රහණයේ ප්‍රතිඵලයක් බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එය අනාගත ජයග්‍රහණයේද පෙරනිමිත්තක් බව අරලියගහ මන්දිරයේදී පැවැති උත්සවයේදී පැවසීය.
ජනතාවට ප්‍රතිලාභ ලබාදීම සඳහා යළි ආරම්භ කළ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට තම අමාත්‍යංශයත්, මුදල්, ස්වදේශ කටයුතු සහ පළාත් පාලන, මහා මාර්ග යන අමාත්‍යංශ යොදා ගන්නා බවත් ගම්පෙරළිය වැඩසටහනේ සම්බන්ධීකරණය සඳහා අලූතින් සමෘද්ධි ව්‍යාපාරයට බඳවා ගන්නා නිලධාරීන් 750 ක් යොදවන බවත් පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් 2019 වර්ෂය සඳහා හඳුන්වාදෙමින් අරලියගහ මන්දිරයේදී ඊයේ පැවැති උත්සවය අමතමිනි.
රජයේ මැති ඇමැතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්, දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූ මෙම උත්සවය අමතමින්