රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් මාධ්‍ය ඒකක සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකවලට වීඩියෝ කැමරා, පරිගණක යන්න්‍ර, ලැප්ටොප් පරිගණක, ඡායා පිටපත් යන්ත්‍ර ඇතුළු රුපියල් මිලියන 12ක් පමණ වටිනා උපකරණ බෙදා දීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (20) සිදු කෙරුණි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේකලේකම් (පාලන) රමණි ගුණවර්ධන මහත්මිය හා රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (මාධ්‍ය) ජයන්ත පතිරණ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරී එච්. ඒ. යූ. ජයලත් යන මහත්වරුන් ඇතුළු උසස් නිලධාරීහු ද සහභාගී වූහ.

 d4335bea7a1c2c61024a21be04832d3a XL

di4

di1