ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අද (25) පොල්හේන්ගොඩ පිහිටි  ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේ ය.

මහා සංඝරත්නයේ සහ සර්ව ආගමික උතුමන්ගේ ආශිර්වාදය මැද රාජකාරි ආරම්භ කළ අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අනතුරුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී නිලධාරී හමුවක් ද පැවැත්වීය.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන රවී කරුණානායක, පී.හැරිසන්,කැබිනට් නොවන අමාත්‍ය අජිත් පි.පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

IMG 0046

new minister