මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය වෙනුවෙන් ගෙන යන වැඩසටහනට මෙම අප්‍රේල් 03 වන දායින් පසු පොලීසිය සමඟ ත්‍රිවිධ හමුදාව වඩා ශක්තිමත් ලෙස දායක කර ගන්නා බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ 08 දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආණ්ඩුකාරවරුන් සමඟ පැවති හමුවක දී ය. මත්ද්‍රව්‍යවලින් තරුණ පරපුර රැක ගැනීම වෙනුවෙන් ඉදිරියේ දී ක්‍රියාවට නැංවෙන “සුජාත දරුවෝ” වැඩසටහන පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට බඳුන් විය.
අප්‍රේල් 03 වනදා සිට අධ්‍යාපන, සෞඛ්‍ය, රාජ්‍ය පරිපාලන, ක්‍රීඩා ඇතුළු රජයේ ප්‍රධාන අමාත්‍යාංශවල සහ ආයතනවල සහය ද මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළට වඩා සක්‍රීයව ලබාගැනීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළේ සුවිශේෂී වැඩසටහනක් ලෙස මත්ද්‍රව්‍යවලට එරෙහි ව රටම එක් ව ප්‍රතිඥා දෙන අවස්ථාව අප්‍රේල් 03 වන දා උදෑසන 8.00 ට එළැඹෙයි. සියලු පාසල් දරුවන් පාසල් වලදීත්, රාජ්‍ය සේවකයන් තම සේවා ස්ථානවලදීත් දිවුරුම් දෙන එම අවස්ථාව වෙනුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවැත්වෙන කෙටි උත්සවයට එක්වන ලෙස තමා පක්ෂ භේදයෙන් තොරව අග්‍රාමාත්‍යවරයා, විපක්ෂනායකවරයා ප්රමුඛ සියලු මැති ඇමතිවරුන්ට ආරාධනා කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
එමෙන් ම තරුණ තරුණියන් මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහනට දායක කර ගැනීම සඳහා දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිත “සුජාත දරුවෝ” වැඩසටහන පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී ආණ්ඩුකාරවරු දැනුවත් කළේය.
මේ වන විට පුළුල් ලෙස ක්‍රියාවට නංවා ඇති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ පාතාලයට මේ රටේ වෙනම ආණ්ඩු කිරීමට ඉඩ දිය නොහැකි බවයි. මත්ද්‍රව්‍ය නිවාරණය සහ පාතාලය මර්දනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් සඳහා දේශපාලන පක්ෂ බේදයෙන් තොරව සියලුදෙනා අත්වැල් බැඳගැනීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා අවධාරණය කළේය.
රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවන කප්පම් ලබා ගැනීමේ සිදුවීම් පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ ඒ පිළිබඳ තම උපදෙස් පරිදි පොලිසිය මේ වන විට අවශ්‍යය පියවර ක්‍රියාවට නංවා ඇති බවයි.
අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ද, පළාත් ආණ්ඩුකාරවරුන් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් ද, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.