අයවැය 2019 දෙවැනිවර කියවීම අද (12) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය.

අයවැය 2019 දෙවැනිවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (12) පාර්ලිමේන්තුවේ දී සිදුවිය. අයවැය දෙවැනිවර කියවීමට පක්ෂව ඡන්ද119 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 76 ලැබුණි.
මාර්තු 05 වැනි දින අයවැය යෝජනා ඇතුළත් අයවැය කතව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.ඉන් අනතුරුව මාර්තු 06 දින සිට දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ විය.ඒ අනුව දෙවැනිවර විවාදයේ අවසන් දිනය අද පැවැත්විණි.මාර්තු 13 දින වන හෙට දින සිට තුන්වනවර කියවීමේ විවාදය ආරම්භ වෙයි.තුන්වැනිවර කියවීමේ විවාදය දින 19ක් පැවැත්වෙයි