අයවැය 2019 විවාදයේ තුන්වැනි වර කියවීමේ විවාදය ( කාරකසභා අවස්ථාව )අද (13) සිට පාර්ලිමේන්තුවේ දී ආරම්භ වෙයි.

කාරක සභා අවස්ථාවේ විවාදය දින 19ක් පුරා පැවැත්වෙයි. අයවැය දෙවැනිවර කියවීමේ විවාදය ඊයේ (12) දිනෙන් අවසන් වූ අතර දෙවැනිවර කියවීමේ විවාදය වැඩි ඡන්දයෙන් සම්මත විය.
අතිගරු ජනාධිපති,අග්‍රාමත්‍ය කාර්යාලය,උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු,අමාත්‍ය මණ්ඩල කාර්යාලය,පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරිය,,පාර්ලිමේන්තුව,පාර්ලිමේන්තුවේ සභා නායකතුමාගේ කාර්යාලය,පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ කාර්යාලය.පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාගේ කාර්යාලය,පරිපාලන කටයුතු පිළිබඳ කොමසාරිස් කාර්යාලය සහ රාජ්‍ය සේවා,අධිකරණ සේවා,ජාතික පොලිස් කොමිෂම,අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව,ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම,මැතිවරණ කොමිෂන් සභාව,ජාතික විගණන කාර්යාලය,විගණන සේවා කොමිෂන් සභාව,ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව,සීමා නීර්ණ කොමිෂන් සභාව යන වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.