ඩී. එස්. සේනානායක ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන්න කැප වෙනවා - අගමැති

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ප්‍රජාතන්ත්‍රවාදය රකිමින් ජාත්‍යන්තරය සමඟ මිත්‍රත්වයෙන් කටයුතු කළ දිවංගත මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යෑමට කැපවීමෙන් ක්‍රියාකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
යුද්දාධිකරණය ශ්‍රී ලංකාවට අවැසි නැති බවත් ජාත්‍යන්තරය පිළිගත් අධිකරණ ක්‍රමවේදයක් අප රට සතු බවත් අපේ විදේශ ඇමැති තිලක් මාරපන මහතා ජිනීවාහිදී කළ ප්‍රකාශය ජාත්‍යන්තරය පිළිගත් බව‍ පෙන්වා දුන් අගමැතිවරයා සෙසු රටවල් කීපයක් ඉදිරිපත් කළ යෝජනා නිතරඟයෙන් රැක ගනිමින් සම්මත කර ගැනීමට අපට හැකි වූ බවද සිහිපත් කළේය.
අගමැතිවරයා මේ බව ප්‍රකාශ ක‍ළේ ඉකුත් 22දා කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පිහිටි ඩී. එස්. සේනානායක පිළිරුව අභියසදී පැවැත්වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය දිවංගත මහාමාන්‍ය ඩී. එස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ හැටහත් වැනි ගුණ සමරු උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.

ds pm

dspm1