දහවැනි යොවුන් පුරය වීරවිල පශු සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේදී ඊයේ (27) ආරම්භ විය. අගමැති රනිල් 1984 වසරේදී වික්‍රමසිංහ මහතා තරුණ කටයුතු ඇමැතිවරයාව සිටියදී ඒ මහතාගේ සංකල්පයකට ආරම්භ කෙරුණු යොවුන් පුරය ජාතික තරුණ සේවා සභාව, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධාන කරනු ලබයි.
මාර්තු 27 අද සිට 31 දක්වා පැවැත්වෙන මෙම යොවුන් පුරයට ලංකාවේ දස දෙසින්ම තරුණ තරුණියන් සහභාගී වෙයි
මෙම යොවුන්පුරය සදහා යෞවන සමාජ සාමාජික සාමාජිකාවන් 6900ක්ද විදේශ තරුණ තරුණියන් 100ක්දයෞවන තිළිණලාභීන් සහ අපේක්ෂකයින් 100ක්,බාලදක්ෂයින් 250ක්,බාලදක්ෂිකාවන් 100ක්,ශිෂ්‍යභට බලකාය 100ක්ද කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 100ක්,ශිෂ්‍ය පාර්ලිමේන්තු හා ශිෂ්‍යනායක 100ක්,වෘත්තීය පුහුණුලාභීන් 500ක්ද වශයෙන් 8300 ක පිරිසක් මෙම යොවුන්පුරට සහභාගිවීමට කටයුතු සැලසුම් කර ඇත.දකුණු ආසියාවේ විශාලතම තරුණ ජාලය පිහිටා ඇත්තේ තරුණසේවා සභාව සතුවයි එහි එක් අංශක් ලෙස මෙම යොවුන් පුර වැඩසටහන පෙන්වා දිය හැක.යොවුන් පුරය හරහා තරුණ තරුණියන්ට නායකත්වය පිළිබදව අත්දැකීම් ලබා ගනිමින් තම පෞරුෂ වර්ධනය ක්‍රීඩා සංස්කෘතික හා කලා අධ්‍යාපනික ව්‍යවසායකත්ව හා රැකියා අවස්ථා ලබාදීම සදහා වූවැඩසටහන් රාශියක් නිර්මාණය කොට ඇත.
මෙමවර යොවුන් පුරයේ අරමුණ වන්නේ ජාතික සංහිදියාව හා සම්මුතිවාදය පිළිබද අවබෝධයක් අත්දැකීම් හුවමාරු කර ගැනීමට අවස්ථාව ලබාදීම,අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනයට උපකාරී වන ලෙසින් අධ්‍යාපනික, ක්‍රීඩා,සංස්කෘතික ,හා විනෝද වැඩසටහන් සාමුහිකත්වයෙන් සහ සහජීවනයෙන් යෙදීමට අවස්ථාව ලබා දීම,තරුණ සංවර්ධනයේදි තොරතුරු තාක්ෂණය,මාධ්‍ය භාවිතය පුළුල් කිරිම,ජාතික ප්‍රතිපත්ති සහ සංවර්ධනය පිළිබද තරුණ තරුණියන් අතර සංවාද ඇතිකිරිම තුළින් තරුණ අදහස් හා යෝජනා ලබා ගැනීම.,මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩ සටහනෙහි නියමුවන් ලෙස කටයුතු කිරීමට මෙම කදවුරු වැසියන් සූදානම් කිරිම,ග්‍රාමීය සංවර්ධන කටයුතු වලදි තරුණ තරුණියන් සහභගි කරවා ගැනිම ද වේ.