ගෞරවනීය ස්වාමීන් වහන්ස, ගෞරවනීය සියලූම පූජකතුමන්ලාගෙන් අවසරයි,


හිතවත් දෙමව්පියනි, දරුවනි, හිතවතුනි, මිත‍්‍රවරුනි,
සිදුවී ඇති බරපතළ මහා ඛේදවාචකය පිළිබඳව මා දැඩි සේ කම්පනයට පත්ව සිටිමි. කිසිසේත් බලාපොරොත්තු නොවූ සිදුවීමක් සිදුවීම පිළිබඳව මා මෙන්ම මු`ථ මහත් ලක්වැසි ජනතාවම දැඩි සේ කම්පනයට පත්ව සිටින අවස්ථාවක් වගේම දැඩි සේ වේදනාවට පත්ව සිටින අවස්ථාවක් බව මා දනිමි.
මෙම සිදුවීම් පිළිබඳව මෙහි පිටුපස ඇත්තේ කුමන ආකාරයේ කුමන්ත‍්‍රණයක් ද යන්න පැහැදිලි ලෙස සොයා ගැනීම සඳහා අදාළ පරීක්ෂණ කණ්ඩායමට පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද, නාවික, ගුවන් සියලූ ආරක්ෂක අංශවලට මේ වන විට උපදෙස් දී ඔවුන් මේ සම්බන්ධයෙන් දැඩි ව ක‍්‍රියාශීලීව ඇත. ඒ අනුව මේ පරීක්ෂණ කටයුතු සඳහා මු`ථමහත් ජනතාවගේ සහයෝගය අප ඉතාමත් කාරුණිකව රජය බලාපොරොත්තු වෙනවා.
ඒත් එක්කම ඔබ සියලූදෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ සිදු වී ඇති ඛේදවාචකය පිළිබඳව අපි දැඩි සේ කම්පනයට කණගාටුවට පත් වෙනවා වගේම එම පරීක්ෂණ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ඔබේ සහයෝගය නොමසුරුව ඉල්ලා සිටිනවා වගේම මේ සඳහා දෙන ඉතාමත්ම ඉහළ සහයෝගය වන්නේ ඔබ සෑම කෙනෙක්ම සන්සුන්ව සිටින ලෙසයි. කටකතා සහ අසත්‍ය ප‍්‍රචාරවලට නොරැවටී විශේෂයෙන්ම සන්සුන්ව සිටින ලෙස ඔබ සියලූදෙනාගෙන් ඉල්ලා සිටිනවා. මේ වෙනුවෙන් රජය ගත හැකි සෑම පියවරක්ම මේ වන විටත් අරගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් රජයේ වගකීම් නිසි ලෙස ඉටු කරන බව ඔබට කාරුණිකව දැන්වීමට කැමතියි.


ස්තූතියි.
තෙරුවන් සරණයි
2019.04.21